Header Ads



அமைச்சர் வஜிரவின் பேஸ்புக்கிலிருந்து, ஜின்தோட்ட நிலவரம் பற்றி..!


வஜிர அபேவர்த்தனாவின் பேஸ்புக்கிலிருந்து, ஜின்தோட்ட நிலவரம் பற்றி..!

කලබල නොකර සාමකාමීව නිවෙස්වලට වී සිටින්න.

ගිංතොට ප්‍රදේශයේ ඇති වූ සුළු සිද්ධියක් දුරදිග යාමෙන් එය කලබලකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වීම සම්බන්ධයෙන් ඇත්තේ බලවත්ක ණගාටුවකි. මෙය තවදුරටත් වර්ධනය වීම වැළැක්වීම සඳහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සියළු වගකීම මා විසින් භාරගෙන කටයුතු කර අතර දැනටමත් පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ත්‍රිවිධ හමුදාව යෙදවීමට කටයතු කර ඇත. 

සියළුම දෙනා මාර්ගවලින් ඉවත්ව කෝලාහල සඳහා සම්බන්ධ නොවී තම නිවෙස්වලට වී ආරක්ෂිතව සිටින ලෙස මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. 

කෝලාහලවලට සම්බන්ධවන සියළුම දෙනා අත්අඩංගුවට ගැනීමට දැනටම්ත ආරක්ෂක අංශවෙත උපදෙස් දී ඇති අතර ඔවුන්ට නිසි දඬුවම් ලබාදීමට ද රජය පියවර ගනී. එබැවින් සාමයට ලැදි සියළු දෙනාගෙන් මා නැවත වතාවක් ඉල්ලා සිටින්නේ කිසිම කලබලකාරී කටයුත්තකට සම්බන්ධ නොවී සිටින ලෙසයි. ඔබගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් ඔබගේ දේපල ආරක්ෂා කිරීමටත් හැකි සෑම ක්‍රියාමාර්ගයක් ම ගැනීමට රජය වෙනුවෙන් මා කටයුතු කරන බව ද දන්වා සිටිමි. කලබල සඳහා ඔබ සම්බන්ධ වුවහොත් ඔබ, ඔබගේ දරුවන් ඇතුළු පවුලේ සැමත් ඔබ මෙතෙක් උපයාගත් වටිනා දේපලත් විනාශ විය හැකි බැවින් මේ උපදෙස් පිළිපදින්නැයි ආදරණීය ගාලු පුරවැසියන්ට මම නැවත වතාවක් සිහිපත් කරමි.

No comments

Powered by Blogger.