Header Ads



முஸ்லிம்கள் பற்றிய அஸ்கிரிய தேரரின், கருத்துக்கு தலாய்லாமா கடும் கண்டனம்.


நான் ஒரு பெளத்தன், பெளத்த மதத்தின் மீது எனக்கு நம்பிக்கை உள்ளது, எனினும் நான் ஏனைய அனைத்து சம்பிரதாயங்களையும் மதிக்கிறேன் எனத் தெரிவித்துள்ள அவர், முஸ்லிம்களின் வியாபாரங்களைப் புறக்கணிக்க வேண்டும் எனவும் முஸ்லிம்கள் மீது கல்லெறிந்து கொலை செய்ய வேண்டும் எனவும் தெரிவித்த அஸ்கிரிய மகாநாயக்க தேரரின் கருத்தை முற்றாக நிராகரிப்பதாகவும் தெரிவித்துள்ளார்.

மத நல்லிணக்கத்தை ஏற்படுத்துவதற்காக முழுமூச்சுடன் செயற்பட வேண்டிய ஒருவர், இவ்வாறான கருத்துக்களை வெளியிடுவது பாரிய தவறாகும் எனவும் தலாய் லாமா மேலும் குறிப்பிட்டுள்ளார்.

#බීබීසී # BBC News සිංහල
මුස්ලිම්වරුන් සම්බන්ධ අස්ගිරි මහනාහිමිගේ ප්‍රකාශය හෙළා දකින බව දලයි ලාමා පවසති
මුස්ලිම්වරුන්ට අයත් වෙළෙඳසල් වර්ජනය කරන ලෙස ඉල්ලා සිටිමින් සහ ගල් ගසා මරා දැමීම අනුමත කරමින් අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි කළ ප්‍රකාශය කොන්දේසි විරහිතව හෙළා දකින බව බෞද්ධ අධ්‍යාත්මික නායක දලයි ලාමා පවසති.
ආගමික සහජීවනය ප්‍රවර්ධනය කරනු වස් ඇපකැප වී සිටින පුද්ගලයෙකු වශයෙන් එවැනි දෙයක් ප්‍රකාශ කිරීම "සම්පූර්ණයෙන් වැරදිසහගත" බව උන්වහන්සේ පෙන්වා දෙති.
"අපි වෙනස් සම්ප්‍රදායන්ට ගෞරව කළ යුතුයි. ආගමික විශ්වාසය සහ ගෞරවය අතර වෙනස වටහාගත යුතුයි."
"මම බෞද්ධයෙක්. මගේ විශ්වාසය තිබෙන්නේ බුද්ධාගම කෙරෙහි. නමුත් මම අන් සියලු සම්ප්‍රදායන්ට එක සමානව ගරු කරනවා," යනුවෙන් ද දලයි ලාමා පැවසූහ.
එහිමියන් ඒ බව කියා සිටියේ බීබීසී වාර්තාකාරිනී රාජිනී වෛද්‍යනාදන් අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් මෑතකදී කළ ප්‍රකාශය පිළිබඳ කළ විමසීමකදීය.
අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් ජුනි 15 වෙනිදා පළ කළ ප්‍රකාශය දැඩි මතෙභේදයට තුඩු දුන් අතර පසුව ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ද උන්වහන්සේ ක්‍රියා කර තිබිණි.
දොඩම්වල දියකෙළිනාවළ කිත්සිරිමෙවන් රජ මහ විහාරස්ථානයේ පැවති උත්සවයක් අමතමින් උන්වහසේ පළ කර තිබුණේ මෙවන් අදහසකි.
"අහන්නට ලැබුණා අපට ආරංචියක්. අනාගතයේ ජනාධිපතිතුමා බවට පත් වෙනවා කියලා අපේ චමල් රාජපක්ෂ මැතිතුමා. ඒක අපි දැනගෙන හිටියේ නැහැ. අපි බොහොම සන්තෝෂ වෙනවා."
"මාත් කියනවා ඒ කඩවල්වලට (මුස්ලිම්) යන්න එපා. ඒ කඩවල්වලින් කන්ට බොන්ට එපා කියලා. මොක ද ඒක ප්‍රසිද්ධ කාරණයක්. අපිට අපේ ජනතාවට වස විස දීපු අපේ ජනතාව විනාශ කරන්න උත්සහ ගත්ත පිරිසක් කියන එක ඉතා පැහැදිලිව පේනවා. ඒ නිසා, අපේ බෞද්ධ ජනතාව ආරක්ෂා වෙන්න ඕන. ඒ කඩවල්වලට යන්නත් එපා. ඒවා ගන්ඩත් එපා. ඒවා කාපු බාල පරම්පරාවට මං හිතනවා අනාගතයේ දූ දරුවො නැති වෙයි කියලා."
"ඒ වගේ ම අර මාතලේ දොස්තර මහත්තයෙක් කරපු වීර ක්‍රියාව පිළිබඳව කවුරුත් දන්නවා. ලක්ෂ ගාණක් අපේ දරුවෝ විනාශ කරලා. ඔය වාගේ ජාති ද්‍රෝහීන්ට නිදහසේ ඉන්න දෙන්න හොඳ නෑ. අර කවුද උපාසක අම්මලා වගයක් කිව්වා ගල් ගහල මරන්න ඕන කියලා. මම ඒක කියන්නේ නෑ. නමුත් කළ යුත්තේ ඒක තමයි. ඒ විදිහේ වැරැද්දක් කළා නම් අපේ මනුස්සයෙක් අපි පෙති ගහලා දානවා. ඔය නීතිරීති ඕවා හරියන්නෙ නෑ."
අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි කළ ඉහත කී ප්‍රකාශ සමාජ ජාල ඔස්සේ දැඩි විවේචනයට ලක් වූයේ "ගල් ගසා මරා දැමීම" අහිංසාව මුල් කර ගත් බෞද්ධ දර්ශනයට පටහැනි බව පෙන්වා දෙමිනි.
කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් පසුව ප්‍රකාශයක් කළ උන්වහසේ කියා සිටියේ අනුශාසනාවකදී දක්වන ලද කරුණු සම්බන්ධයෙන් "වැරදි අර්ථකතන" හුවා දැක්වීමට ඇතැම් පිරිස් උත්සහ දරන්නේ යයි බව පෙනී යන බවය.
"අපිට රජය කෙරෙහිවත්, මුස්ලිම් ජනතාව කෙරෙහිවත් වෛරයක් නැහැ," යනුවෙන් උන්වහන්සේ එහිදී වැඩිදුරටත් සඳහන් කළහ.
කෙසේ නමුත් අස්ගිරි මහනාහිමි මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
අදාළ ලිපියේ දැක්වෙන්නේ, "මහ නාහිමියන්ගේ කතාව සෘජුව ම මුස්ලිම් ව්‍යාපාර ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් පුරවැසියන්ට එරෙහිව දැනටමත් දැල්වී ඇති භීතියේ හා වෛරයේ ගිනි දැල් පෝෂණය කරයි," යනුවෙනි.
එම ප්‍රකාශය "ඕනෑ ම අවස්ථාවක භයානක ප්‍රකාශයක්" බව ද එහි දැක්වේ.
මේ අතර ශ්‍රී ලංකාවේ වාර්තා වන ආගම් මුල් කර ගත් ප්‍රචණ්ඩත්වය සහ ප්‍රචණ්ඩත්වය සඳහා කරන ප්‍රකෝප කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ද අවධානය යොමු වී තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ පවසා තිබුණේ "ඇතැම් ආගමික නායකයන් විසින් මෑතකදී කරන ලද ප්‍රචණ්ඩත්වයට තුඩු දෙන ප්‍රකාශ" සම්බන්ධයෙන් තමන් කනස්සල්ලට පත්ව සිටින බවය.

4 comments:

  1. உங்களை போல யாரும் இங்கு இல்லை.நீங்கள் உலகில் எத்தனயோ நாடுகளுக்கு அந்த அரசாங்கங்களின் மரியாதை அழைப்பில் செல்கிரீர்கல்.ஆனால் உங்கலையே இந்த நாட்டுக்குள் வர வீசா தர முடியாது என மறுத்த சமூதாயம்தான் இங்கே உள்ளது.இனவாதம்,மதவாதம் தீயாய் எரிகிறது,சாதாரன மக்களிடம் அல்ல மதகுருமரிடம்

    ReplyDelete
  2. தெரியாம சொல்லிட்டார். விடுங்கப்பா.....
    தூங்கினால் எழுப்பலாம். தூங்கிறது போல் நடித்தால்
    என்னத்த பண்ணலாம்பா

    ReplyDelete
  3. முஸ்லிம்கள் செய்யும் தவறுகளைச் சுய விமர்சனம் செய்யும் போது துடிக்கும் சில உயிர்கள் இச்செய்தி பார்த்து கொண்டாடுவார்கள்.

    ReplyDelete
  4. மஞ்சள் சீலை காரன் சொன்னால் அது இனவாதமாக இருக்குமா. வேறு அர்த்தத்தில் சொல்லி இருப்பான். அல்லது ஊடகங்கள் மாற்றி சொல்லி இருப்பார்கள். அவ்வளவுதான்.

    ReplyDelete

Powered by Blogger.