Header Ads



மத நல்லிணக்கத்திற்கு எதிரான நடவடிக்கைகளைத் தவிர்க்க, புதிய சட்டங்களை அறிமுகப்படுத்த தயார்

தேவைப்படுமிடத்து நாட்டில் புதிய சட்டங்களை உருவாக்குவதற்கு அரசு தயாராக இருப்பதாக பிரதமர் ரணில் விக்ரமசிங்க தெரிவித்துள்ளார்.

ஊடகங்களுக்கு இன்று வெளியிட்டுள்ள அறிக்கையிலேயே இதை குறிப்பிட்டுள்ளார்.

மத நல்லிணக்கத்திற்கு எதிரான நடவடிக்கைகளைத் தவிர்க்க புதிய சட்டங்களை அறிமுகப்படுத்த அரசு தயாராக உள்ளது என அந்த அறிக்கையில் தெரிவிக்கப்பட்டுள்ளமை குறிப்பிடத்தக்கது.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2017.06.14 වන දින අරලියගහ මන්දිරයේ දී සිදු කළ විශේෂ ප්‍රකාශය.

යම්කිසි ජන වර්ගයකට, ආගමකට විරුද්ධව ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙන පිරිස, එමෙන්ම වෛරය පැතිර වීමට ක්‍රියා කරන අයට විරුද්ධව නීතිය අනුව පියවර ගැනීම සඳහා පොලිසියට උපදෙස් දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. 

මෙම ක්‍රියාව අපේ ප්‍රතිපත්තිය යළිත් තහවුරු කිරීමක් පමණයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා 2015 ජනවාරි 08 වැනි දා දිවුරුම් දුන්නේ මෙරට ප්‍රධානියා ලෙස සංහිදියාව ස්ථාපිත කිරීමටයි. එමෙන්ම ජාතික එකඟතාවය ඇති කිරීමටයි. වසර 30 ක යුද්ධයක පැටලී සිටි අපට ඉන් පසුව මෙරට ජනතාව එකතු කර ඉදිරි ගමනක් යාමට තීරණය කර තිබෙනවා.

අප සිංහලයෙකු, බෞද්ධයෙකු වීම පිළිබඳව ආඩම්බරයි. එමෙන්ම ශ්‍රී ලාංකිකයෙකු වීම පිළිබඳවත් ආඩම්බරයි. ශ්‍රී ලාංකිකයෙකු ලෙස මා සෑම ආගමකටම ගරු කරනවා. එමෙන්ම සෑම සංස්කෘතියකටම ගරු කරනවා. වෙනත් සංස්කෘතීන්, වෙනත් ආගම් හෙලා දකිනවා නම් ඔහු සැබෑ ශ්‍රී ලාංකිකයෙකු වීමට හැකියාවක් නැහැ. යහපාලන රජය මෙරට සියලූම ශ්‍රී ලාංකිකයන්ට එක සමාන අයිතීන් සමග සාමයෙන් ජීවත් වීමට අවස්ථාව ලබා දෙනවා.

මුස්ලිම් ව්‍යාපාර සහ දේවස්ථාන කිහිපයකට පහර දීම නිසා ඇති වූ තත්ත්වය පිළිබඳව පුළුල් විමර්ශනයක් කිරීමට පොලිසියට බාර දී තිබෙනවා. ඒ ගැන ක්‍රියා කොට තත්වය සමථයකට පත් කරාවි.

ඕනෑම ආගමකට, ජන වර්ගයකට විරුද්ධව ක්‍රියා කරනවා නම්, ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙනවා නම් ඔවුන් පිළිබඳව විභාග කොට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ඒ කටයුතු පොලිසිය විසින් විභාග කරනවා. ඇතැම් අවස්ථාවල නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. එම එක් කාරණයක්වත් අතහැර නොමැති බව මෙහිදී ප්‍රකාශ කළ යුතුයි.

2014 වසරේ වූ ආගමික භේද හමුවේ ඇති වූ හානිය අප සියලූම දෙනා අත්දැක තිබෙනවා. එම ගැටුම්වලින් අප රටේ එකමුතු බවට හානියක් ඇති වුණා. එමෙන්ම රටේ කීර්තිනාමයට හානියක් වුණා. නැවත ඒ තැනට ගමන් කිරීමට අප සූදානම් නැහැ. අපට එවැනි පහත් තත්වයකට වැටීමට වුවමනාවක් නැහැ. එවැනි දේ කරන්නට ඉඩ දෙන්නෙත් නැහැ.

එම නිසා පොලිසිය මෙන්ම අනෙකුත් අදාළ ආයතන සියල්ලකටම නීතිය සහ සාමය ආරක්‍ෂා කිරීම සඳහා දැනුම් දී තිබෙනවා. අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නව නීති සම්පාදනය කර ගැනීමට ද හැකියාව තිබෙනවා.

4 comments:

  1. செஞ்சிட்டு செல்லுங்க,செல்லிட்டு செய்யாம இருப்பீங்க!

    ReplyDelete
  2. இப்படி எத்தனை தடவைகள் சட்டங்கள் இயற்றினீர்கள். நடைமுறைப்படுத்திபடுத்தினீர்களா..???
    எல்லாம் ஒரு பேச்சிக்குத்தான்.

    ஏமாறுவதற்கு UNP முஸ்லிம்கள் இருக்கிறார்களே..!!

    ReplyDelete
  3. Unless you arrest the culprit and ban his organization, Ranil, Hakeem and Rishad can not come back to Muslims and ask to vote for UNP.

    ReplyDelete

Powered by Blogger.