Header Ads



බේබදු නානසාර අධිකරණයට අපහාස කළ නඩු විභාගයට දින නියම කිරීමට අභියාචනාධිකරණය තීරණය කරයි; හිරේ යන බව දැනගත් නානසාර යලිත් ආගමික අන්තවාදය වැපිරීම අරඹයි

(ලංකා ඊ නිව්ස් -2017.මැයි)

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම පිළිබඳ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවෙමින් තිබියදී අධිකරණ ශාලාව තුළට කඩා වැදී  පිස්සෙකු ලෙස හැසිරෙමින් අපරාධයේ වින්දිත සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට අධිකරණ භූමියේදී අපහාස කරමින් ක්‍රියා කළ බේබදු උම්මත්තක සිවුරුකාරයා, ගලගොඩඅත්තේ නානසාර විසින් අධිකරණයට අපහාස කර ඇති බවට පවරා ඇති නඩුව විභාග කිරීම සඳහා දින නියම කිරීම මෙම මැයි මස 24 වැනිදා සිදුකිරීමට අභියාචනාධිකරණය අද (16)  තීරණය කෙළේය. 

අධිකරණ අවසරයකින් තොරව අධිකරණයේ කටයුතු වලට බාධාවන අයුරින් කටයුතු කිරීමෙන් නානසාර අධිකරණයට අපහාස කර තිබෙන බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකර ඔහුට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා හෝමාගම ම‍හේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයෙන් කළ කරුණු විමසීමක් අනුව ගොනුකළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය මෙලෙස දින නියම කෙළේය.

එච්.සී.ජේ. මඩවල සහ ප්‍රීති පද්මන් සූරසේන යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදී.

මෙම සිද්ධිය වූයේ 2016 වසරේ ජනවාරි මස 25 වැනිදා ය.

නානසාර විසින් අධිකරණයේ ආධිපත්‍යයට ගරුත්වයට අභියෝග කර අවමන් කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වරදක් කර ඇතිදැයි සොයා බලන ලෙස හෝමාගම මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි. එම කරුණු විමසීම මීට පෙර සලකා බැලූ අභියාචනාධිකරණය කළ දැනුම්දීම අනුව නීතිපතිවරයා විසින් චෝදනා හතරකින් සමන්විත චෝදනා පත්‍රයක් සකස් කර ඉදිරිපත් කරන ලදී. පසුව එම චෝදනා පත්‍රය සංශෝධනයට ලක් කරන ලදී.

අදාළ චෝදනාවන්ට නානසාර නිවැරැදිකරු බවට අධිකරණයේ පෙනී සිටි නානසාරගේ නීතිඥවරයා විසින් ප්‍රකාශ කළ අතර ඒ අනුව එම චෝදනා පත්‍රය සම්බන්ධ විභාගයක් පැවැත්වීමට අභියාචනාධිකරණය තීරණය කෙළේය.

ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා විත්තිකාර බේබදු නානසාර  වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

අධිකරණයට අපහාස කිරීමේ වරදට තමන්ට නිසැක ලෙසම දඬුවම් ලැබෙන බව දන්නා බේබදු නානසාර ජනතා අවධානය වෙනතකට යොමු කිරීම පිණිස, මේ වන විට පිළුණු වී ඇති නැගෙනහිර බොද්ධ සිද්ධස්ථාන අල්ලා ගන්නා බවට අන්තවාදීන් නගන චෝදනාව යලි පුනරුච්ඡාරණය කරමින් යලිත් ආගමික අන්තවාදය වපුරුවමින් ඔහුට සුපුරුදු කාඩ භාෂාවෙන් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ජෝගියක් නැටීම ආරම්භ කර තිබේ. ලංකාවේ පවතින ජඩමාධ්‍යයද කිසිදු සදාචාරයක් නොමැතිව අන්තවාදී උම්මතකයෙකුගේ මාධ්‍ය ප්‍රකාශ කිසිදු වග විභාගයකින් තොරව උලුප්පා ප්‍රචාරය කරමින් ජන අගතියේ යෙදෙමින් සිටී. ලෝකයේ අනන්තවත් අන්තවාදීන් පිස්සු කෙළියද කිසිදු රටක ජනමාධ්‍ය ඒ අන්තවාදීන්ගේ ගොබ්බ ප්‍රකාශ වලට තම ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධියක් ලබා දෙන්නේ නැති නමුත්  ජනමාධ්‍යකරණය ගැන තබා හරියකට අපොස සා පෙල වත් සමත් නැති ලංකාවේ ජඩමාධ්‍ය කරුවෝ උම්මත්තක බේබදු නානසාරගේ ප්‍රකාශ රස මසවුළු සේ ප්‍රචාරය කරති. 

සියළු ජනමාධ්‍ය නියාමනය කිරීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් අවශ්‍ය යැයි බුද්ධිමත් රටවැසියා ඉල්ලා සිටින්නේ එබැවිනි. 

3 comments:

  1. Gnanasara is above the law, he is a super human being and has been authorized
    By both the SLFP and UNP to do what he wishes.

    ReplyDelete
  2. I didn't understand this language
    Pls translation to Tamil

    ReplyDelete
  3. My dear brothers and sisters, All over the world our Muslim people's​ are suffering due to racism, our only hope is All Mighty ALLAH, ask dua for our Muslim ummah, don't keep your trust on this politicians.

    ReplyDelete

Powered by Blogger.