Header Ads



பிரதமர் தி.மு.ஜயரட்ன இராஜினாமா..? மகன் அனுராதவுக்கு முதலமைச்சர் பதவி..??

මධ්‍යම පළාත් සභාවේ මහ ඇමැති ධුරය වැඩිම මනාප ලබා ගත් අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ පුත් අනුරාධ ජයරත්න මහතාට හිමිවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

මනාප ලයිස්තුවේ දෙවැනි තැන පසුවන හිටපු ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතාට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා අගමැති ජයරත්න මහතා සිය මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වන සූදානමක සිටින බවද වාර්තා වෙයි.

අග‍්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වන අගමැති ධුරයට සුදුස්සකු පත් කිරීම සහ සරත් ඒකනායක මහතාට කැබිනට් ඇමැති ධුරයක් ලබාදීමත් කෙරෙහි රජයේ සැලකිල්ල යොමුවී ඇති බවද දැනගන්නට ඇත.

මේ අතර ප‍්‍රකාශයක් කරමින් අගමැති පුත් අනුරාධ ජයරත්න මහතා සඳහන් කරන්නේ ජනාධිපති මහින්ද රාජපෂ මහතා මෙරටට පැමිණි වහාම ප‍්‍රධාන අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීමට සූදානම් වන බවයි.

No comments

Powered by Blogger.