Header Ads



அசாத் சாலி, கைது செய்யப்படலாம்..?

மேல் மாகாண முன்னாள் ஆளுநர் அசாத் சாலி கைது செய்யப்படலாம் என பொலிஸ் தகவல் வட்டாரங்களை மேற்கோள் காட்டி சிங்கள ஊடகமொன்று செய்தி வெளியிட்டுள்ளது.

தெல்தெனிய உதவி பொலிஸ் அத்தியட்சகர் காமினி தென்னக்கோன், தெல்தெனிய பொலிஸ் அதிகாரியிடம் மேற்கொண்ட முறைப்பாட்டுக்கு அமைய இந்த கைது இடம்பெறலாம் என தெரிவிக்கப்படுகிறது.

மாவனெல்லயில், புத்தர் சிலை உடைத்த சம்பவம் தொடர்பில் உதவி பொலிஸ் அத்தியட்சகருக்கும், முன்னாள் ஆளுநருக்கும் இடையில் இடம்பெற்ற தொலைபேசி உரையாடலை திரிபுபடுத்தி, பேஸ்புக்கில் அசாத் சாலி வெளியிட்ட சம்பவம் தொடர்பில் கைது செய்யப்படலாம் என கூறப்படுகின்றது.

அனைத்து ஆவணங்களுடன் பொலிஸ் மா அதிபர் சந்தன விக்ரமரத்னவிடம் இந்த முறைப்பாட்டினை மேற்கொள்வதற்கு நடவடிக்கைகள் மேற்கொள்ளப்பட்டு வருகின்றது.

கடந்த வருடம் டிசம்பர் மாதம் 22ஆம் திகதி மற்றும் 26ஆம் திகதிகளில் மாவனெல்ல பிரதேசத்தில் புத்தர் சிலைகளை சேதப்படுத்திய சந்தேக நபர்களான சித்திக் மற்றும் சாதிக் என்ற மௌலவிகளை ஒப்படைப்பதாக அசாத் சாலி வாக்குறுதி வழங்கியுள்ளார்.

இந்த விடயத்தை கேகாலை மாவட்ட முன்னாள் பிரதி பொலிஸ் மா அதிபர் பாலித சிறிவர்தன தனியார் தொலைகாட்சியில் வெளிப்படுத்தியிருந்தார். இந்த தொலைகாட்சி நிகழ்ச்சியின் பின்னர், தெல்தெனிய பொலிஸ் அத்தியட்சகருக்கு அசாத் சாலி தொலைபேசி அழைப்பொன்றை மேற்கொண்டுள்ளார்.

இதன் போது தான் சித்திக் மற்றும் சாதிக் என்பவர்களை ஒப்படைப்பதாக கூறவில்லை மௌலவி ஊடாக அவர்களின் தந்தையை ஒப்படைப்பதாகவே கூறியிருந்தன் என அசாத் சாலி குறிப்பிட்டுள்ளார்.

இந்த தொலைபேசி உரையாடலை பதிவு செய்த அசாத் சாலி அதனை திரிபுபடுத்தி பேஸ்புக்கில் பதிவிட்டுள்ளார். இந்த மோசடி நடவடிக்கையை அசால் சாலி மேற்கொண்டுள்ளதாக தெரியவந்துள்ளது. இந்த குற்றச்சாட்டின் அடிப்படையில் அசாத் சாலி கைது செய்யப்படவுள்ளதாக குறித்த ஊடகம் மேலும் தெரிவித்துள்ளது.

අසාත් සාලි අත්අඩංගුවට?

තෙල්දෙණිය සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් මහතා තෙල්දෙණිය පොලිස් අධිකාරීවරයාට කර ඇති පැමිණිල්ලකට අනුව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අත්අඩංගුවට පත්විය හැකි බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මේ පැමිණිල්ල කර ඇත්තේ හිටපු ආණ්ඩුකාරවරයා විසින් මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළව සහකාර පොලිස් අධිකාරී ගාමිණී මහතා සමඟ පැවැත්වූ දුරකථන සංවාදය විකෘති විකෘති කරන ලද හඬපටයක් ආණ්ඩුකාරවරයාගේ මුහුණු පොත ට  ඇතුළත් කර ඇති බවටය.
සියලු ලේඛන සමග වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට මෙම පැමිණිල්ල යොමු කරීමට මේවන විට කටයුතු යොදා ඇති බවද පැවසේ.
ඉකුත් වසරේ දෙසැම්බර් මස 22 වැනිදා හා 26 වැනිදා දිනවල මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිමවලට හානිකිරීමේ සැකකරුවන් වූ සිද්ධීක් හා සාදික් යන දෙදෙනා මවුලවිවරයකු මාර්ගයෙන් භාරදෙන බවට අසාද් සාලි පොරොන්දු වී ඇත. 
ඒ බව කෑගල්ල දිසාවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන පෞද්ගලික රූපවාහිනි නාලිකාවකදී ඉකුත් දා හෙළි කළේය. 
අසාද් සාලි තෙල්දෙණිය පොලිස් අධිකාරීවරයාට දුරකථනයෙන් අමතා ඇත්තේ මෙම රූපවාහිනි සංවාදයෙන් පසුවය. 
මාවනැල්ල සිද්ධිය වන අවස්ථාවේ කෑගල්ල පොලිස් අධිකාරීවරයා වූයේ ගාමිණී තෙන්නකෝන් මහතාය. 
අසාද් සාලි ඉකුත් 3 වැනිදා දුරකථන ඇමැතුම ලබාදෙමින් තමා දැනුම් දුන්නේ සිද්ධීක් හා සාදික් යන දෙදෙනා නොව මවුලවිවරයකු මාර්ගයෙන් ඔවුන්ගේ පියා භාර දෙන බව නේදැයි පොලිස් අධිකාරීවරයාගෙන් කිහිපවරක් විමසා ඇත. 
ඒ හැම වාරයකදීම ගාමිණී තෙන්නකෝන් ප්‍රකාශ කර ඇත්තේ පියා නොව ප්‍රධාන සැකකරුවන් දෙදෙනා භාර දෙන බව කියූ බවය. 
විනාඩි 7යි තත්ත්පර 55ක් පැවැති මෙම සංවාදය අසාද් සාලි පටිගත කරන බව තමන්ට හැඟී ගිය බවද පොලිස් අධිකාරීවරයා පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
එම සංවාදය විකෘති කර මුහුණු පොතට ඇතුළත් කර ඇති බවත් ගාමිණී තෙන්නකෝන් සිය පැමිණිල්ලේ තවදුරටත් සඳහන් කර ඇත. 
එම විකෘතිය සිදුකරන්නේ අසාද් සාලි යැයි නිරීක්ෂණය වූ බවද සඳහන් වේ.
තවද සිද්ධීක් හා සාදික් යන සැකකරුවන් භාරදෙන බවට අසාද් සාලි පොරොන්දු වූවද තමා කෑගල්ල කොට්ඨාසයෙන් තෙල්දෙණියට ස්ථාන මාරු වී එන තෙක් එම සැකකරුවන් පොලිසියට ඉදිරිපත් නොකළ බවත් පොලිස් අධිකාරිවරයා සිය පැමිණිල්ලේ තවදුරටත් සඳහන් කර ඇත.

No comments

Powered by Blogger.