Header Ads



தடைகளை உடைத்து Dr ஷாபியின் மகள் நிலைநாட்டிய மகத்தான சாதனையும், ஒரு சிங்கள சமூக ஆர்வலரின் பதிவும்

 


- Keerthi Tennakoon -


‘සනීපාරක්ෂක තුවා නොමිලේ බෙදූ‘ සාෆිගේ කෙල්ල ගැනයි 

මෙවර සාමාන්‍ය පෙළ ලියූ දරුවන් අතර වැඩිම ජනමාධ්‍ය අවධානය දිනූ දරුවා ‘සාෆී ගේ කෙල්ල‘ නැත්තම් සාෆි ෆාතිමා සයිනාබ් ය.  


මලියදේවේ දැරියන්ට ‘සනීපාරක්ෂක තුවා නොමිලේ බෙදා‘ දුන්නේ යැයි කළබැගෑනියක් කර, පාසලේ ඉන්නට නොදී එලවා දැමූ වෛද්‍ය සාෆි ගේ ආදරණීය දියණිය සාමාන්‍ය පෙළ විභාගයට බුද්ධාගමට පෙනී සිටියේ නැත. 


 ඉස්ලාම් ආගම ද, ඇතුළු ඇය පෙනී සිටි සියලුම විෂයන්ගෙන් ‘ඒ‘ සාමාර්ථ ලැබූවාය.  


මලියදේව පාසලේ නවය වසර දක්වා දීප්තිමත් සිසුවියක වූ ඇයට, කොළඹින් ජාතික පාසලක් ලබා දෙන ලදී.  ඇයට කල්මුණේ මහ්මුද් බාලිකා විද්‍යාලයට යන්නට සිදු වූයේ ඇයි කොළඹ පාසලින් ද එළවා දැමීමට තරම් කුරිරු වූ නිසාය.  කුරුණෑගලින් කල්මුණේ ගිය දැරිය දැන් ඉගෙනගන්නේ මහනුවර බදියුදීන් මහමුද් බාලිකාවේ ය.


මලියදේව විද්‍යාලයේ යන කාලයේ සිංහල මාධ්‍යයෙන් ඇය බුද්ධාගමට ඉහළම ලකුණු ලැබුවා.  ඇයට කල්මුණේ ට ගොස් දෙමළ  භාෂාවෙන් ඉස්ලාම් ආගම ඉගෙන ගන්නට සිදු විය.  බුද්ධාගම වෙනුවට ඉස්ලාම් ප්‍රශ්න පත්‍රයට විභාගය ලියූ ඇය එයින් ද විශිෂ්ඨ සාමාර්ථ ලබා ඇත.  


මේ ටික ලියා තබන්නේ, වඳ පෑඩ් එකෙන් පටන් අරගෙන, රටක් ඇන්දවූ කතාව තවමත් අවසන් වී නැති නිසාය.  අදටත් වැඩිපුර ලියවෙන්නේ බොරු ගොඩක් නිසාය.


 ‘ඒ 9‘ ලැබූ දරුවන් 10,000 කට වැඩි සංඛ්‍යාවක් අතර 


සාෆි ගේ දුව සුවිශේෂ වන්නේ දස බිම්බර මාර සෙනඟකට ඇය ගේ ධෛර්යය පරාජය කළ නොහැකි වූ නිසාය. 


ෆාතිමා කෙල්ල තමන් ඇඳ දැමූ මඩ වළෙන් එළියට පැමිණ සිටී.  ඇය ගැන අමුම අමු ප්‍රබන්ධ ලියු අය, තවමත් මඩ වළේ ය. 


රජිත් කීර්ති තෙන්නකෝන්





3 comments:

  1. எங்களுக்கு சிங்களம் தெரியாமல் போச்சே.. கொஞ்சம் தமிழில் போடுங்களேன் சார்...

    ReplyDelete
    Replies
    1. உண்மையில் உங்களுக்கு சிங்களம் தெரியாவிட்டால் கொஞ்சம் முயற்சி செய்து கொஞ்சம் தியாகம் செய்தால் அதை தெரிந்து கொள்வது அவ்வளவு சிரமமல்ல. அதற்கான எல்லா வழிகளும் திறந்து விட்டுள்ளன. எனவே உண்மையில் உங்களுக்கு அவற்றைத் தெரிய ஆவலாக இருந்தால் கொஞ்சம் முயற்சி செய்யுங்கள். எல்லாம் சரியாகிவிடும்.

      Delete
    2. இந்த இணைய பக்கத்தின் முகவரியை copy செய்து கீழே உள்ள முகவரிக்கு சென்று paste செய்தால் google தமிழில் மொழியாக்கம் செய்து தரும்
      "https://translate.google.lk/?sl=si&tl=ta&op=websites"

      Delete

Powered by Blogger.