Header Ads



சிங்களவர்களுக்கு ஷரீஆ சட்டத்தை பலாத்காரமாக திணிக்க முயற்சியாம்..!



ஹலால் சான்றிதழ் தொடர்பில் அகில இலங்கை ஜம்மியதுல் உலமா சபை நடாத்திய ஊடகவியலாளர் மாநாடு தொடர்பில் பௌத்த கடும்போக்கு இணையம் ஒன்றில் வெளியான ஆக்கம் ஒன்றின் தமிழாக்கம்)

(ஜப்னா முஸ்லிம் இணையத்திற்காக தமிழாக்கம் - அபூ முஸ்னா)

ஜம்மியதுல் உலமா சமயக் கூட்டம் ஹலால் இலட்சினை வழங்குவதை நிறுத்திக் கொள்வதாக கடந்த இரு தினங்களுக்கு முன்னர் நடாத்திய ஊடகவியலாளர் மாநாடு முற்று முழுதாக மக்களை ஏமாற்றும் வகையில் செய்யப்பட்ட ஒரு மோசடி நடவடிக்கையாகும். தாம் ஹலால் இலட்சினை வழங்குவதிலிருந்து விலகிக் கொள்வதாக அவர்கள் அறிவித்தாலும் ஹலால் உறுதிப்படுத்தும் நடவடிக்கையிலிருந்து ஒதுங்குவதாக அவர்கள் அறிவிக்கவில்லை.  இது ஹலால் எதிர்ப்பு நடவடிக்கையினை திசை திருப்பும் வகையில் ஏற்பாடு செய்யப்பட்ட ஒரு ஏமாற்று உத்தி என்பதை நாம் தற்போது புரிந்து கொண்டுள்ளோம். ஹலால் குறியீடு உற்பத்திப் பொருட்களில் இருந்து நீக்கப்பட்டாலும் உற்பத்தி நிறுவனங்கள் ஹலால்  உற்பத்தியிலிருந்து நீங்கிக் கொள்ளவில்லை.  ஹலால் இலட்சினை என்பது  ஹலால் நிகழ்வின் இறுதி வடிவமாகும்.  இந்த ஹலால் செயற்பாட்டின் கீழ்  இயங்கும் உற்பத்தி நிறுவனங்கள் ஹலால் இலட்சினையினை பொறிப்பதற்கு முன்னர் தமது உற்பத்திகளை மேற்கொள்வது முற்று முழுதாக இஸ்லாமிய ஷரீஆ சட்டத்தின் கீழான ஹலால் முறைப்படியேயாகும்.  உற்பத்திக்கான மூலப்பொருள் முதல்  உற்பத்தியின் இறுதி வரையிலும் நடைமுறைப்படுத்தப்படுவது  உலமாக்களால் வழங்கப்படும்  (எவ்விதமான விஞ்ஞானபூர்வமான அல்லது ஆய்வுகூட தரமின்றிய) பொய்யான லோசனைகளின் பிரகாரமேயாகும். எனவே ஹலால் இலட்சினை நீக்கிக் கொள்ளப்பட்டாலும்  முழு உற்பத்தியும் ஹலாலேயாகும். ஹலால் எதிர்ப்பினால் தடுமாறிப் போயுள்ள உலமாக்கள் இனி மேற்கொள்ளப்போவது ஹலால் இலட்சினையினை மறைத்து சிங்களவர்களுக்கு ஹலாலை  ஊட்டுவதற்கேயாகும்.  இதனூடாக ஷரீஆ சட்டத்தை சிங்கள சமூகத்தினருக்கு மத்தியில் தொடர்ந்து பலாத்காரமான முறையில் தினிப்பதற்கு முற்படுகின்றார்கள். இதற்கு நாம் ஒருபோதும் இடமளிக்கப் போவதில்லை.

அதேபோல ஹலால் விரோத தேசிய இயக்கத்தில் பங்கெடுத்துள்ள பொதுபல சேனா, சிங்கள ராவய, பௌத்த பாதுகாப்பு மன்றம் உட்பட தேசிய இயக்கங்கள் மற்றும் அமைப்பினர் உலமாக்களின் தந்திரமான இந்த முடிவுக்கு ஒருபோதும் இணங்கப் போவதில்லை. அத்துடன் ஹலால் பொருட்களை பகிஷ்கரிக்கும் நடவடிக்கையினை தொடர்ந்து முன்னெடுத்துச் செல்லுமாறு பொது மக்களைக் கேட்டுக் கொள்கின்றோம்.  ஹலால் பிரச்சினை தொடர்பாக ஆராய்ந்து அறிக்கை சமர்ப்பிக்க நியமிக்கப்பட்ட அமைச்சு மட்டக் குழுவின் அறிக்கை வெளியிட முன்னரே உலமாக சபையானது இவ்வாறு ஹலால் இலட்சினையை நீ்க்கிக் கொண்டு சட்டத்தினுள் நுழைந்து ஹலாலை சட்டமாக்கிக் கொள்வதற்கான சூழ்ச்சியின் பின்னால் இருந்து செயற்படுவது மிலிந்த மொரகொட முன்னாள் அமைச்சரே என்பது தெரியவந்துள்ளது. அதேபோல உலமா சபையின்  பொய்யான ஊடக மாநாட்டுக்கு வர்த்தக சம்மேளனம் சார்பாக சமூகமளித்திருந்து உலமாக்களின் தேவைகளைக்காகப் பேசியவரும ஒரு புதுமையான நபரே. அவர்  “புத்த பார்” எனும் பெயரில் பார் நடாத்திய பேருவளை உல்லாச ஹோட்டலின் உரிமையாளராவார்.

ලේබලය නැතිව හලාල් කවන්න උලමා සැරසෙයි.
හලාල් ඉවත් කිරීම ප්‍රෝඩාවක්.

ජමිඉයතුල් උලමා පූජක නඩය හලාල් ලාංඡනය නිකුත් කිරීම නවතා දමන බවට පසු ගියා දා පැවැත් වූ මාධ්‍ය සංදර්ශනය මුළුමනින්ම ජනතාව රැවටීම සදහා කරන ලද ප්‍රෝඩාවකි. තමන් හලාල් ලංඡනය නිකුත් කිරීමෙන් ඉවත් වන බව ඔවුන් පැවසුව ද හලාල් සහතිකකරණ ක්‍රියාවලියෙන් ඉවත් වන බවක් පවසා නැත. මෙය හලාල් විරෝධී බලවේගය නොමග යැවීම සදහා ගොතන ලද අමුලික පචයක් බව අපි දැන් අවබෝධ කරගෙන සිටිමු. හලාල් ලකුණු නිෂ්පාදන භාණ්ඩ වලින් ඉවත් කළද නිෂ්පාදන ආයතන හලාල්කරණයෙන් ඉවත් නොවේ. හලාල් ලාංඡනය හලාල් ක්‍රියාවලියේ අවසාන අවස්ථාවයි. හලාල් මාෆියාවට යට වූ ආයතනයක් ලාංඡනයට පෙර සමස්ථ නිෂ්පාදන ක්‍රියාවලියේදීම අනුගමනය කළ යුතු වන්නේ ඉස්ලාම් ශරීයා නීතිය යටතේ ක්‍රියාත්මක වන හලාල් ක්‍රමවේදයයි. අමුද්‍රව්‍ය තෝරා ගැනීමේ පටන් නිම් භාණ්ඩයක් ලෙස නිෂ්පාදනය එළි දක්වන තුරු අනුගමනය කළ යුතු වන්නේ උලමා පූජකයන් විසින් හදුන්වාදෙන (කිසිදු විද්‍යාත්මක හා රසායනාගාර ප්‍රමිතියකට) අයත් නොවන බොරු ප්‍රමිතිකරන ක්‍රියාවලියයි. එබැවින් "හලාල්" සළකුණ ඉවත් කළද සමස්ථ නිෂ්පාදනයම හලාල්ය. හලාල් වර්ජනයෙන් නන්නත්තාර වී සිටින උලමා පූජක රැළ මේ පාර උත්සහා කරන්නේ ලේබලය හංගා සිංහලයන්ට හලාල් කැවීමටයි. ඒ හරහා ශාරීයා නීතිය සිංහල සමාජය මත ඉදිරියටත් බලහත්කාරයෙන් පැටවීමටයි. ඒ සදහා අපි කිසිදු ඉඩක් නොතබමු.

එමෙන්ම හලාල් විරෝධී ‍ජාතික බලවේගය නියෝජනය කරන බොදු බල සේනා, සිංහල රාවය, බෞද්ධාරක්ෂක පදනම ප්‍රමුඛ ජාතික සංවිධාන ඇතුළු කිසිදු පාර්ශවයක් උලමාගේ කපටි යෝජනාවට කිසි සේත්ම එකග නොවන අතර හලාල් වර්ජන ව්‍යාපාරය එලෙසින්ම ඉදිරියට පවත්වාගෙන යන ලෙස ජනතාවට දන්වා සිටී. හලාල් අර්බූදය පිළිබද සෙවීම සදහා පත්කරන ලද ඇමති මණ්ඩල කමිටුවේ වාර්ථාව පිටවීමට පෙර උලමා මෙසේ හලාල් ඉවත්කරගෙන නීතියෙන් රිංගමින් හලාල් නීතිගත කරගැනීමේ කුමන්ත්‍රණය පිටුපස ක්‍රියාත්මක වී සිටින්නේ මිලින්ද මොරගොඩ නමැති පුද්ගලයා බව හෙළිව තිබේ. එමෙන්ම උලමාගේ බොරු මාධ්‍ය සංදර්ශනය සදහා වාණිජ මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටිමින් උලමාගේ අවශ්‍යතාව වෙනුවෙන් කතා කලේද අපූරු පුද්ගලයෙකි. ඔහු "බුද්ධ බාර්" නමින් සාජ්ජ දැමූ බේරුවල සංචාරක හෝටලයේ අයිතිකරුවායි.

මව්බිම පුවත්පත් වාර්ථාව - 2013.03.13 "හලාල් සහතිකය නොව මුළු හලාල් ක්‍රියාවලියම නවතා දමන තුරු සටන අත් නොහරින බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති. සර්ව ආගමික පූට්ටුවලට ගැතිකම් කරන කොඳුඇට බිඳුණු භික්‍ෂුන් කිහිප දෙනකු උලමාවරුන් සමඟ එකතු වී නායක හාමුදුරුවරුන්ව මුළා කරමින් හලාල් ඉවත් කිරීමේ ප්‍රෝඩාවට සම්බන්ධ කරගත් බව වගකීමෙන් පවසන අතරම උලමාවරුන්ට සහාය දෙන භික්‍ෂුන්ව පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ඒ හිමියෝ පැවැසූහ.

ඥානසාර හිමියන් එසේ පැවැසුවේ තුන්මුල්ල බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවේදීය. උලමාවරුන් තක්කඩිකමින්, ජාතියම මුළා කරමින් සිටින බවත්, හලාල් ලාංඡනය ඉවත්කර ඇතැයි පැවැසුවත් එසේ සිදුවී නොමැති බවත්, එය උලමාවරුන්ගේ, මහත්වරු ලෙස ජාතියම කොල්ලකෑමේ තවත් එක් බොරුවක් පමණක් බවත් ඒ හිමියෝ පැවැසූහ.

ආණ්ඩුවේ අනු කමිටු වාර්තාව හා ත්‍රෙනිකායික මහා නායකවරුන්ගේ වාර්තා ලැබීමට ප්‍රථමයෙන් ඔවුන් හලාල් ඉවත් කර ගැනීමට කටයුතු කෙළේ උත්සව සමයේ ඔවුන්ගේ වෙළෙදාම සාර්ථකව කර ගැනීමට බවද ඒ හිමියෝ පැවැසූහ.

උලමා නාටකයේ අලුත්ම ජවනිකාව එළි දක්වමින් තිබෙන බවත් ජාතකයක් නොමැති අවජාතකයෙක් බිහි කරලා, දැන් නාඩගමක් නැටීමට උලමාවරුන් සූදානම් වන බවත් පැවැසූ ඒ හිමියෝ උලමා නමැති හොරු රැළ, තක්කඩි රැළ මෙරට සංඝ භේදයක් ඇති කිරීමට උත්සාහ දරන බවත් මෙරට අධිකරණයටත් පාර්ලිමේන්තුවටත් බොරු කරමින් කටයුතු කරන බවත් පෙන්වා දුන්හ.

කුරානයේ කිසිදු තැනක හලාල් විකිණීමට කියා නොමැති බවත් එසේ කරන්නන්ගේ බඩ ගිනි ගන්නා බවට ඉතා පැහැදිලිව කුරානයේ සඳහන්ව ඇති බව පැවැසූ ඒ හිමියෝ උලමාවරුන්ගේ බඩ ගිනි ගෙන දැන් දඟලන බවද පැවැසූහ.

උලමාවරු ශුද්ධ වූ කුරානයටත් අපහාස කරමින් කටයුතු කරන බවත් සම්පූර්ණයෙන්ම මේ හලාල් ක්‍රියාවලිය මෙරටින් තුරන් කිරීමට කටයුතු කළ යුතු බවත් පැවැසූ ඒ හිමියෝ මෙසේද කීය. 2008 පස්සේ රජය විසින්ද හලාල් සහතිකය අවලංගු කර තිබුණා. අවුරුදු 5ක් පුරාවට නීති විරෝධී ලෙස මේ හලාල් සහතිකය රටට නිකුත් කිරීමට විද්වතුන් යැයි කියා ගන්නා හොර රැළ කටයුතු කර තිබෙනවා.

සිංහලයන් යනු මෝඩයන් නොවන බවද, පෙර කළ මෝඩකම් නැවැත සිංහලයන් නොකරන බවත් ඒ ගොනා දැන් විකුණා ඇති බවත් සිංහලයන් ගොනාට ඇන්දවීමට උත්සාහ දරන අයියලාට වැරැදී ඇති බව ඒ හිමියෝ පැවැසූහ.

මෙරට බුද්ධ පූජාවක් තැබීමටවත් අද වනවිට හලාල් නොවන භාණ්ඩයක් නොමැති බවත් වෙළෙඳ භාණ්ඩ 4,500ක් අද හලාල් ලාංඡනය ලබාගෙන ඇති බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ.

උලමාවරු කාන්තාවන්ට ෆර්දාවක් දැමීමට කටයුතු කිරීම ගැන ඊළඟට කටයුතු කරන බවත් එයින් සමාජයීය වශයෙන් ගැටලු රැසක් උද්ගතවිය හැකි බවත් ඒ හිමියෝ පැවැසූහ.

මෙරට ඖෂධ හලාල් කර නොමැති බවත්, රුධිරය හලාල් කර නොමැති බවත්, ඒවා හරාම් නොවේනම් අනෙකුත් ද්‍රව්‍යයන්ද හරාම් නොවන බවත්, උලමාවරු මුස්ලිම් අන්තවාදයක් ඇති කිරීමට උත්සාහ දරන බවත් පැවැසූහ.

හලාල් යනු තනිකරම බොරුවක් බවත්, මෙය නවතා දැමීමට කටයුතු කළ යුතු බවත්, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය යැයි පවසන කොල්ල කණ්ඩායම වහා විසුරුවා හැරීමට උලමාවරු කටයුතු කළ යුතු බවත් බොදු බල සේනා සංවිධානයේ ඥානසාර හිමියෝ වැඩිදුරටත් පැවැසූහ"

2 comments:

  1. நல்லந்தானே BOSS!
    நாங்க ஷரீஆ சட்டத்தை திணிக்க பார்க்கிறோம், இல்லாட்டி நீங்க திணிய பாருங்க,

    ReplyDelete
  2. Hello Brothers, The Halal mean is that, "Best". so eat Best, this is our Islam, Plz try to unerstand don't be like ...........

    ReplyDelete

Powered by Blogger.