Header Ads



Jaffna Muslim වෙබ් අඩවියේ නම භාවිතා කරමින් උලමා සභාවට එරෙහිව ව්‍යාජ ප්‍රචාරයන් (රැවටෙන්න එපා)


මුස්ලිම් සමාජය මුහුණ දෙන ගැටලු රාශියක් පිළිබඳව විශ්වාසයෙන් හා වගකීමකින් යුතුව කාලෝචිත ආකාරයට ප්‍රජාවට ලබා දීම සඳහා වන විද්‍යුත් මාධ්‍යයක් ලෙස Jaffna Muslim වෙබ් අඩවිය ක්‍රියා කරයි. එහි ප්‍රගතියේ ප්‍රධාන දායකත්වය සමාජශීලී අවංක වාර්තාකරුවන් හා පාඨකයන්ට හිමිවේ.කෙසේ වෙතත් අපගේ ප්‍රතිරූපයට කැළලක් ඇති කිරීමට අපගේ වෙබ් අඩවියේ කෙරෙහි ප්‍රජාව විසින් දක්වන ලද නොසැලෙන විශ්වාසය අඩපන කිරීමට ඇතැම් සමාජ විරෝධී කොටස් විසින් උත්සාහයන් විටින් විට සිදු කරන බව දැඩි වේදනාවකින් දන්වා සිටිමු.

එසේම අපගේ වෙබ් අඩවියේ නම භාවිත කරමින් සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ සභාපති මුෆ්ති රිස්වි තුමාගේ ප්‍රතිරූපයට කැලලක් ඇති වන අයුරින් ගොතන ලද  අසත්‍ය ප්‍රචාරයන් සමාජ ජාල තුල සංසරණය වීම අපට දැකිය හැකි  වන අතර එය අපි තරයේ හෙලා දකිමු තවදෙ මෙවැනි අශීලාචාර ක්‍රියාවන්හි අපගේ වෙබ් අඩවිය මෙතෙක් නිරත වී නොමැති බව වගකීමකින් යුතුව දන්වා සිටිමු.

සමස්ථ ලංකා ජමියතුල් උලමා සභාව හෝ ප්‍රජා ක්‍රියාකාරකම් වල නිරත වෙනත් සංවිධාන හෝ එහි කොඳුනාරටිය ලෙස  දැක්වෙන ප්‍රජා ක්‍රියාකාරීන් විද්වතුන් හෝ වෘත්තිකයින් අපකීර්තියට පත් කිරීමේ අවශ්‍යතාවක් අපට නොමැත.

තව ද මේ පිළිබඳ සමස්ත ලංකා විද්වතුන්ගේ සංගමයේ ලේකම් එම්. එස් .එම්  තාසිම් තුමා අප හා සම්බන්ධ වී මෙවැනි නින්දා සහගත ක්‍රියාවන් වල jaffnamuslim වෙබ් අඩවිය ම්බන්ධ නොවනු ඇතැයි ඔහුගේ බලාපොරොත්තුව බව ප්‍රකාශ කළේය. තවද මෙවැනි අර්බුදකාරී වකවානුවක සමාජයන් අතර සහජීවනය කඩාකප්පල් කරන ව්‍යාජ,අශිෂ්ට ප්‍රචාරයන් ගෙන් වැළකී සිටීම සමාජයට කරන විශාල උපකාරයක් වන බවත්  මෙවැනි ය ගොතන  අසත්‍ ලද අශිෂ්ට ප්‍රචාරයන් හි යෙදෙන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු තරයේ දන්වා සිටියේය.

1 comment:

Powered by Blogger.