Header Ads



குழந்தைக்கு பால் கொடுத்ததால் ஆஜராக முடியவில்லை - அலி சப்ரியிடம், ஹிருனிக்கா முன்வைத்த கோரிக்கை

தனது குழந்தைக்கு பால் கொடுத்துக் கொண்டிருந்தமையால், நீதிமன்றத்தில் குறித்த நேரத்தில் முன்னிலை ஆக முடியவில்லை என ஹிருணிக்கா பிரேமசந்திர குறிப்பிட்டுள்ளார்.

இதுகுறித்து அவர் நீதியமைச்சர் அலி சப்ரியிடம், கோரிக்கை விடுத்துள்ளார். அதில் குறிப்பிட்டுள்ளதாவது,

අද දින මහාධිකරණයේ මා සම්බන්ධයෙන් නඩු නිමිත්තක් පැවති අතර ගරු විනිසුරුතුමන් නඩුව කැඳවන අවස්ථාවේදී මා අධිකරණ භූමියේ මාගේ රථය තුල මගේ මාස 1 1/2 ක කුඩා බිලිඳියට කිරි ලබා දෙමින් සිටිය අතර එම අවස්ථාවේ අධිකරණ තුල නොසිටි නිසා ගරු විනිසුරුතුමන් මා හට වරෙන්තු නිකුත් කර ඇත. පසුව මාගේ නීතිඥතුමිය, නඩුව කැඳවන අවස්ථාවේ අධිකරණය තුල නොසිටීමට හේතු පැහැදිලි කල පසු ගරු විනිසුරුතුමන් මා හට නිකුත් කල වරෙන්තුව අවලංගු කරන ලදී.  එහිදී ගරු විනිසුරුතුමන් ප්‍රකාශ කලේ මින් පෙර කෙදිනකවත් උසාවිය මග හැර නොමැති බැවිනුත් අද දින අධිකරණ තුල නොසිටි හේතුවද සැලකිල්ලට ගනිමින් වරෙන්තුව අවලංගු  කරන බවය. 

කෙසේ හෝ අධිකරණ භූමිය තුල මවකට තම දරුවා තබා ගැනීමට, දරුවාට කිරිදීමට හා දරුවාගේ කටයුතු කිරීම සඳහා සුදුසු ස්ථානයක් නොමැති බැවින් එදිනෙදා කාන්තාවන් විශාල අපහසුතාවන්ට ලක්වෙනවා මා දැක ඇත. ගරු අධිකරණ අමාත්‍යතුමාගෙන් මා ඉල්ලා සිටින්නේ අධිකරණය තුල යම් ඕනෑම කටයුත්තක් සඳහා සහභාගි වන කුඩා දරුවන් රැගෙන යන මව්වරුන් වෙනුවෙන් යම් ස්ථානයක් වෙන් කර දීමට කටයුතු කරන ලෙසය. ස්තූතියි 

Mohamed Ali Sabry

No comments

Powered by Blogger.