Header Ads



கொரோனா தடுப்பூசி ஏற்ற, முஜிபுர் ரஹ்மானும் மறுப்பு


பாராளுமன்ற உறுப்பினர்களுக்கு இன்று செவ்வாய்கிழமை (16) கொரோனா தடுப்பூசி ஏற்றப்பட்ட நிலையில் தாம் அந்த ஊசியை ஏற்றப் போவதில்லை என முஜிபுர் ரஹ்மானும் அறிவித்துள்ளார்.

இதுகுறித்து அவர் Jaffna Muslim இணையத்திற்கு  அனுப்பிய குறிப்பில் தெரிவிக்கப்பட்டுள்ளதாவது

මහජනතාව කොරෝනා වෛරසයට නිරාවරණය වී සිටිය දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කලින්ම  එන්නත විද ගැනීම යුක්ති සහගත නොවන හෙයින් ජනතාවට එන්නත ලබාදෙන තුරු තමා ද එන්නත ලබා ගැනීමෙන් වැළකී සිටින බව සමගි ජන බලවේගයේ  මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

කොරෝනා වෛරසයට වැඩිපුරම නිරාවරණය වන්නේ එදා වේල හොයාගෙන කන ජනතාව බැවින් මුලින්ම එන්නත ලබා දිය යුත්තේ එම ජන කණ්ඩායම් වලට බව කී රහුමාන් මහතා පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන්ට සහ ඇමැතිවරුන්ට  සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමේ පහසුකම් ඕනෑ  තරම් තිබෙන බවද සඳහන් කළේය.

දේශපාලනඥයා යනු මහජනතාවගේ සේවකයායැයි ඡන්දය දිනවලදී වේදිකාවේ වචනවලින් කීවාට පමණක් ඵලක් නොවන අතර එය ක්‍රියාවෙන්ද ඔප්පු කොට පෙන්විය යුතු බව කී මන්ත්‍රීවරයා එක දිනක් වැඩ නොකළහොත් දරු පවුලක්ම බඩගින්නේ සිටින ජන ප්‍රජාවක් සිටියදී මන්ත්‍රීවරුන් කලින්ම එන්නත විද ගැනීම යුක්ති සහගත වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

වැඩ කරන ජනතාවට මෙන්ම රාජ්‍ය සේවකයන්ටද  එන්නත ලබා දුන් පසුව තමා එන්නත ලබා ගන්නා බවද මුජිබුර් රහුමාන් මහතා වැඩිදුරටත් කීය.

No comments

Powered by Blogger.