Header Ads



முஸ்லிம் அமைச்சர்களது ராஜினாமா கடிதங்கள், அவர்களது கைப்பைக்குள்ளே இருக்கிறது - லங்காதீப பத்திரிகை

லங்கா தீப பத்திரிகையில் செய்தி வெளியீட்டுள்ளது. முஸ்லீம் அமைச்சா்களது ராஜினாமா கடிதம் இதுவரை ஜனாதிபதிக்கு கிடைக்கவில்லை என்றும் அக் கடிதங்கள் அவா்களது கைப்பைக்குள்ளே இருக்கிறது. அத்துடன் அமைச்சின் செயலாளா்களிடம் தொடா்பு கொண்டு கேட்டபோது அமைச்சின் வாகானங்கள், அமைச்சா்களின் பிரத்தியோக செயலாளா்கள் வாகனங்கள் இதுவரை மீள பாரமளிக்க வில்லையெனவும் அச் செய்தியில் தெரிவிக்கப்பட்டுள்ளது. அத்துடன் இது சம்பந்தமாக முஸ்லிம் அமைச்சா்களை தொடா்பு கொண்டபோதும அவா்களது கைத்தொலைபேசிகள் தொடா்பு கொள்ள முடியவில்லையெனவும் லங்கா தீப பத்திரிகையில் செய்தி வெளியிடப்பட்டுள்ளது

මුස්ලිම් ඇමතිවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි තවම සාක්කුවේ
(අජන්ත කුමාර අගලකඩ සහ ජයන්ත සමරකෝන්)

කැබිනට් ,රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරු නව දෙනා සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත මෙතෙක් භාරදී නැතැයි ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම එම ඇමැතිවරුන් කිසිවකුත් සිය නිල වාහන භාරදීමක්ද සිදුකර නොමැති අතර පෞද්ගලික කාර්ය මණ්ඩලයද ඉවත් කර ගෙන නැතැයි වාර්තාවේ.

මෙම මන්ත්‍රීවරුන් කැබිනට් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධූරවලින් ඉවත්වීමේ ලිපි භාරදී ඇත්දැයි අමාත්‍ය ධූරවලින් ඉවත්වීමේ ලිපි භාරදී ඇත්දැයි ජනාධිපති කාර්යාලයේ ඉහළ නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේද එවැනි ඉල්ලා අස්වීමේ ලිපි කිසිවක් අද (05) රාත්‍රීය වනවිටත් ජනාධිපති කාර්යාලයට ලැබී නොමැති බවය.

මේ අතර අදාල මන්ත්‍රීවරුන් අමාත්‍යධූර දැරූ අමාත්‍යාංශවල ලේකම්වරුන් කිහිපදෙනෙකුගෙන් කළ විමසීමකදී ඔවුන්ද සඳහන් කළේ ඉල්ලා අස්වූ අමාත්‍යවරුන් නිල වාහන භාරදීමක් හෝ කාර්ය මණ්ඩල ඉවත් කර ගැනීමක් සිදුකර නොමැති බවත්ය.

මේ සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතාගෙන් කළ විමසීමකදී අදාල අමාත්‍යවරුන් ඉවත්වීමේ ලිපි භාරදී ඇතිබව සඳහන් කළේය.

අනෙකුත් හිටපු අමාත්‍යවරුන්ට , රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය ඇමැතිවරයාට මේ සම්බන්ධයෙන් විමසීමට දුරකථන ඇමතුම් ලබාගත්තද ඔවුන් ඊට සම්බන්ධ කර ගැනීමට නොහැකිය.

මෙසේ ඉල්ලා අස්වී ඇත්තේ

ඉල්ලා අස්වන බව කී කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු

නගර සැලසුම් ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම්
කර්මාන්ත හා වාණිජ අවතැන් පුද්ගලයින් නැවත පදිංචි කිරීම සමුපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්
මහාමාර්ග මාර්ග සංවර්ධන , ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්
තැපැල් සේවා හා මුස්ලිම් කටයුතු අමාත්‍ය ඒ.එල්.එම් හලීම්
කෘෂිකර්ම, වාරිමාර්ග ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය අමීර් අලි සියාබ්දීන්
සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්
පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය එච්.එම්.එම් හාරිස්
සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය සියාබ් අලිසාහිර්
වරාය නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ්

Ashraff A Samad

2 comments:

  1. POI, EIMATRAM, IWAIHALUKKU MUDIVEI ILLAZA, ARASHIAL,AZILUM MUSLIM ARASHIYAL.

    ReplyDelete
  2. இந்த செய்தியை உண்மையாக்கி மறுபடியும் முஸ்லீம் சமூகத்தை வெட்கப்பட வைத்து விடாதீர்கள் அமைச்சர்களே.

    ReplyDelete

Powered by Blogger.