Header Ads



மாவனெல்ல சிலை உடைப்பு பற்றி, சிங்கள ஊடகம் வெளியிட்டுள்ள தகவல்

-Farhana Badurudeen-

விமல் வீரவங்சவினால் திட்டமிடப்பட்டு (60000/=) ரூபா கொண்ட்ரக்ட் பேசப்பட்டு, லொஹான்ரத்வத்த மற்றும் திலும் அமுனுகம ஆகியோரிடம் பொறுப்புக் கொடுக்கப்பட்டு இவ்விருவரும் அவர்களது அடியாட்களுக்கு ஹோட்டல் ஒன்றில் பாட்டியொன்று நடாத்தி (5000/=) ரூபா பணமும் கொடுத்து சிலைகளை சுத்தியலால் அடித்து சேதப்படுத்த சொன்னதன் அடிப்படையிலேயே சிலையை உடைத்து முஸ்லிம்கள் மீது பழியைச் சுமத்த திட்டமிட்டு இச் செயலை மேற்கொண்டதாக பொலிஸில் வாக்கு மூலம் கொடுத்துள்ளார்கள்.

මාවනැල්ල පොලිස් වසමේ ස්ථාන කීපයකදී බුද්ධ ප්‍රතිමාවලට මිටිවලින් පහරදී හානි කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් හය දෙනකු ඊයේ (27දා) වනවිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ල පොලිස් වසමේ පදිංචි අවුරුදු 20ත් 30ත් අතර වයසේ පසුවන පුද්ගලයන් හයදෙනෙකි.

අත්අඩංගුවට ගෙන ඇති තරුණයන් හය දෙනා ඉකුත් 23දා රාත්‍රි මාවනැල්ල පොලිස් වසමේ රන්දිවෙල හා හිඟුල, මහන්්තේගම යන ප්‍රදේශවල මංසන්ධි දෙකක ඉදිකර තිබූ බුද්ධ ප්‍රතිමාවලට යතුරුපැදිවලින් ගොස් යකඩ මිටිවලින් පහරදී ප්‍රතිමාවලට අලාභහානි සිදු කර තිබිණි.

පසුව හිඟුල, මහන්තේගම පිළිමය විනාශ කරන අයුරු අසල්වැසි ජනතාව දැක එක් පුද්ගලයකු අල්ලා ගස් බැඳ මාවනැල්ල පොලිසිය වෙත භාරදී තිබිණි. එහි සිටි අනෙක් සැකකරු පලාගොස් තිබිණි. ප්‍රදේශවාසීන් අල්ලා ගස් බැඳ පොලිසියට භාර දුන් පුද්ගලයා දැනට කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

බුදු පිළිමවලට අලාභහානි සිදු කිරීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කළ කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක අබේරත්න මහතා ඇතුළු කණ්ඩායම කළ ප්‍රශ්න කිරීම් වලදී ප්‍රධාන සැකකරු පවසා සිටියේ ලොහාන් රත්වත්තේ මහතා හා දිලුම් අමුණුගම මහතා ලබා දෙන බවට පොරොන්දු වූ රුපියල් හැට දහසක මුදල ලබා ගැනීම සඳහා තමන් තම මිතුරන් කණ්ඩායමක් සමඟ මෙලෙස බුදු පිළිම විනාශ කළ පාපොච්චාරණය කර සිටියේය.

විමල් වීරවංශ මහතා සමඟ පැවති රැස්වීමේදී ලොහාන් රත්වත්තේ මහතාට හා දිලුම් අමුණුගම මහතාට උපදෙස් ලැබුණේ මාර්තු මාසයේ ඔවුන් මහනුවර ඇති කළ අයුරින් නැවතත් ජාතිවාදී ගැටුමක් නිර්මාණය යුතු බවටයි. ඒ සඳහා බුදු පිළිම කිහිපයක් මුස්ලිම් ජාතිකයන් විනාශ කර ඇති බව ජනතාවට පෙන්වීම තුලින් බෞද්ධ ජනයා කුලප්පු කළ යුතු බවත්, ඉන්පසු ඇවිලෙන ගින්න සමඟ මැතිවරණයේදී ජනතාව තුළ වත්මන් ආණ්ඩුව කෙරෙහි කලකිරීමක් ඇතිකළ හැකි බවති එහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ වගකීම ලොහාන් රත්වත්තේ මහතා හා දිලුම් අමුණුගම මහතා අකුරුටම ඉටු කළ අතර පොලිසිය සඳහන් කරන ආකාරයට සැලැස්ම ක්‍රියාත්මක කළ පුද්ගලයන්ගේ නොසැලකිල්ල හේතුවෙන් ඔවුන් බුදු පිළිම විනාශ කරන අයුරු ප්‍රදේශයේ කිහිප දෙනෙකුගේ නෙත ගැටී තිබේ. ඒ අනුව ජනතාව එක්ව පහර දී ලොහාන් දිලුම් බුදු පිළිම විනාශ කිරීමේ කල්ලියේ එක් ගෝලයෙක් පොලිස් අත්අඩංගුවට පත් කිරීමට සමත් විය. එම පුද්ගලයාගෙන් දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු පවසා තිබුණේ “ලොහාන් සර් එක්ක හොටෙල් එකේ ඩ්‍රින්ක් එකාක් දාල, රුපියල් 5000කුත් දෙන බවට පොරොන්දු වූ නිසා ” බුදු පිළිම කැඩීමට තමාද දායක වූ බව ය.

මොහුගෙන් හෙළි වූ කරුණු මත පදනම්ව පොලිසිය තවත් සැකකරුවන් 5ක් පමණ අත්අඩංගුවට ගැනීමට සමත් වූ අතර, ලොහාන් රත්වත්තේ හා දිලුම් අමුණුගම යන මහත්වරුන් අත්අඩංගුවට ගැනීමට යන බව සැල වුණු නුවර ප්‍රධාන පොලිස් නිලධාරියෙකු පොලිස් පණිවිඩයක් මගින් ඔවුන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස දන්වා එවා තිබේ.

මහනුවර දිගන සිද්ධියේ මහමොලකරුවා ලොහාන් රත්වත්තේ බව මීට පෙර ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටි අතර මෙතෙක් ඒ සඳහා කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගැනීමට හේතු වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ හා විමල් වීරවංශ මහතාගේ පාර්ශවයෙන් එන ප්‍රබල දේශපාලන බලපෑම නිසාවෙනි.

රටේ ජනතාවගේ ගෞරවය දිනා සිටි මහින්ද රාජපක්ෂ මහතාව විනාශ කරනු ලැබුවේ ලොහාන් රත්වත්තේ හා දිලුම් අමුණුගම වැන්නන් බව වරක් කුමාර වෙල්ගම මහතාද පැවසුයේ දැඩි කලකිරීමකිනි. විමල් වීරවංශ මහතා එදා සිට අද දක්වාම ජීවනෝපාය සපයා ගන්නා ජාතිවාදය විකුණා නැවත වරක් බලය ලබා ගැනීමට මේ අයුරින් බුදු පිළිම විනාශ කරමින් නින්දිත උත්සාහයක නියෙලෙමින් සිටින බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග අනතුරු අඟවා සිටියි.

1 comment:

  1. Why still not arrested this stupid politicians then?

    ReplyDelete

Powered by Blogger.