Header Ads



மாவனல்லை சிலை உடைப்பு, முஸ்லிம் அடிப்படைவாத குழுமீது சந்தேகம் - BBC சிங்கள சேவை

மாவனல்லை சிலை உடைப்பு விவகாரம் முஸ்லிம் அடிப்படைவாத குழுவின் செயலாக இருக்கலாம்எ ன பலத்த சந்தேகம் எழுந்துள்ளதாக பிரதேச மத தலைவர்கள் குறிப்பிட்டுள்ளதாக அவர்களை மேற்கோள்காட்டி பி பி சி சிங்கள சேவை செய்தி வெளியிட்டுள்ளது.

கடும்போக்கு சிந்தனைகொண்ட  நான்கு அல்லது ஐந்து பேர் அல்லது சிறு குழு ஒன்று இந்த நாசகார வேலையை செய்துள்ளதாக பல்வேறு தரப்புகளில் இருந்து  பொலிசாருக்கு தகவல் கிடைத்துள்ளதாக அமைச்சர் கபீர் ஹஸீம் பி பி சிக்கு குறிப்பிட்டுள்ளதாக குறித்த செய்தியில் தெரிவிக்கப்பட்டுள்ளது.

இந்த நாசகார வேலையில் ஈடுபட்டவர்களுக்கு ஐ சி சி பி ஆர் சட்டத்தின் கீழ் வழக்கு பதிவு செய்ய பொலிஸாருக்கு அறிவுறுத்தல் வழங்கப்பட்டுள்ளதாக அவர் மேலும் குறிப்பிட்டுள்ளதாகவும் கூறப்பட்டுள்ளது.

ஏற்கனவே இந்த சம்பவம் தொடர்பில் 7 பேர் (முஸ்லிம்) கைது செய்யப்பட்டும் இருவரை பொலிஸார் தேடியும் வரும் நிலையில் இந்த தகவல்களை பிபிசி வெளியிட்டுள்ளது.

2
මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ස්ථාපනය කොට තිබූ බුදු පිළිමවලට හානි කිරීම "අන්තවාදී අදහස් දරන කණ්ඩායමක ක්‍රියාවක්" දැයි සැකයක් මතු වී තිබෙන බව ප්‍රජා නායකයෝ පවසති.

"විවිධ තොරතුරු පොලිසිය මාර්ගයෙන් ලැබෙමින් පවතිනවා හතර පස් දෙනෙකුගේ හෝ කීප දෙනෙකුගේ අන්තවාදී අදහස් තියෙන කණ්ඩායමක් විසින් මේ ක්‍රියාව කරලා තියෙනවයි කියල," යනුවෙන් ප්‍රදේශය නියෝජනය කරන අමාත්‍ය කබීර් හෂීම් බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටියේය.

ඔවුන්ට දැඩි දඬුවම් ලබා දීමට කටයුතු කරන මෙන් පොලිසියට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කබීර් හෂීම් කියා සිටියේ, "මේ ඉතාම ම්ලේච්ඡ සිද්ධීන් සඳහා, ICCPR නීතිය යටතේ ද්වේශ සහගත අපරාධයක් ලෙස සලකා විශේෂයෙන්ම ඇප නොදෙන තරමේ උපරීම දඬුවම් දීම සඳහා කටයුතු කරන්න කියල උපදෙස් දීල තියෙන," බවය.

බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් සැකකෙරෙන පුද්ගලයන් හත් දෙනෙකු පොලිසිය විසින් පසුගිය දින දෙක ඇතුළත අත්අඩංගුවට ගෙන තිබේ.

බුදු පිළිම කැඩූ බවට සැක කරන දෙදෙනෙක් අත්අඩංගුවේ
ගැටුම් අතර දුටු මිනිසත්කම
ඒ අතරින් බදාදා (දෙසැම්බර් 26) අත්අඩංගුවට ගනු ලැබූ හය දෙනෙකු බ්‍රහස්පතින්දා මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව ලබන ජනවාරි 02 වෙනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ බව පොලිස් ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර බීබීසී සිංහල සේවය සමග කියා සිටියේය.

ඒ අතරින් බදාදා අලුයම යතුරුපැදියකින් පැමිණි තරුණයන් දෙදෙනකු මාවනැල්ල ප්‍රදේශයේ මංසන්ධියක තිබූ බුදු පිළිමයකට හානි කිරීමට උත්සහ දැරූ අවස්ථාවේ ප්‍රදේශවාසීන් ඔවුන් සිය ග්‍රහණයට ගෙන තිබේ. ඉන් එක් අයෙකු අදාළ ස්ථානයෙන් පළා යෑමට උත්සහ දරා ඇති නමුත්, පසුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.

මේ ඉතාම ම්ලේච්ඡ සිද්ධීන් සඳහා, ICCPR නීතිය යටතේ ද්වේශ සහගත අපරාධයක් ලෙස සලකා විශේෂයෙන්ම ඇප නොදෙන තරමේ උපරීම දඬුවම් දීම සඳහා කටයුතු කරන්න කියල උපදෙස් දීල තියෙන
බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 27) අත්අඩංගුවට ගනු ලැබූ තවත් සැකකරුවෙකු සිකුරාදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. අත්අඩංගුවට ගත යුතු තවත් සැකකරුවන් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙන බව ද පොලිස් අධිකාරීවරයා කියා සිටියේය.

පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් මේ සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙනු ලැබ ඇති අතර, අවශ්‍ය ආරක්ෂක විධිවිධාන ද තරකොට තිබේ.

ඇතැම් සැකකරුවන්ගේ "අන්තවාදී අදහස්" හේතුවෙන් මීට වසර කිහිපයකට ඉහතදී මුස්ලිම් ප්‍රජා සංවිධානයක් ඔවුන් සිය සංවිධානයෙන් නෙරපා දමා තිබෙන බව මාවනැල්ල ප්‍රදේශවාසී මුස්ලිම් ක්‍රියාධරයෙක් බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටියේය.

එමෙන්ම පොලිසිය මීට ඉහතදී එක් සැකකරුවෙකුගෙන් කිහිප වතාවක්ම ප්‍රශ්න කර තිබෙන බව ද ක්‍රියාධරයා පැවසීය.

"අන්තවාදී අදහස් දරන කණ්ඩායම" සහ වෙනත් රටවල් අතර සම්බන්ධයක් පවතින්නේ දැයි බීබීසී සිංහල සේවය විමසූ අවස්ථාවේ කබීර් හෂීම් අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය වූයේ පොලිස් පරීක්ෂණ පැවැත්වෙන බැවින් මේ අවස්ථාවේ ඒ ගැන වැඩි විස්තර හෙළි කළ නොහැකි බවය.

කිසියම් ලෙසකින් මුස්ලිම් ප්‍රජාව තුළ එවැනි "අන්තවාදී ප්‍රවනතාවක්" පවතින්නේ නම් දඬුවම් දීම මෙන්ම මුස්ලිම් ප්‍රජාව දැනුවත් කිරීමටත් කටයුතු කළයුතු නොවේදැයි කළ විමසීමට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ, ඒ සඳහා දැනටමත් සිය ප්‍රදේශය තුළ මුස්ලිම් සහ බෞද්ධ ඇතුළු ආගමික හා ප්‍රජා නායකයන් එකතු වී දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තිබෙන බවය.

"අපි තවදුරටත් බලාපොරොත්තු වෙනවා සමාජය තුළ අවදියෙන් සිටිමින් හැම ගමකම මේ වගේ සම්බන්ධකම් තියෙන අය ගැන දැනුවත් කරන්න. පොලිස් නිලධාරීන් ඉල්ලීමක් කළා ඒ අය දැනුවත් කරන්න කියල ඒ වගේම දිසාපතිතුමා ඉල්ලීමක් කළා රහසිගතව තොරතුරු ලබාදෙන්න කියල," යනුවෙන් ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

1 comment:

  1. අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු ප්‍රකාශ කර ඇත්තේ තමන් කුරාණය නමැති පොත කියවා ඇති බවත් එහි අල්ලා දෙවියන් හැර මේ ලෝකයේ වෙනත් කිසිවකු නොමැති බවත් ඒ හේතුවෙන් මෙලෙස බුදු පිළිම විනාශ කිරීමට සිතූ බවත්ය. අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ නිවෙසක තිබී බුදු පිළිම විනාශ කිරීමට යොදා ගත් මිටියක්ද පොලිසිය විසින් සොයාගෙන තිබිණි.

    http://www.mawbima.lk/print20180101MB20181230.php?id=25148

    ReplyDelete

Powered by Blogger.