Header Ads



இம்தியாஸ் விடுத்துள்ள அறிக்கை

"ශ්‍රී ලංකා ඉතිහාසයට එක්වන ඛේදජනක දිනයකි, අද දවස.

පක්ෂ පාට බේදයකින් තොරව, තම මව් රටට ආදරය කරන සියලු දෙනාගේ හිත් රිදුනු දවසකි, අද දවස.

සියලු ශ්‍රී ලාංකිකයන්ව හෑල්ලුවට ලැජ්ජාවට පත් කළ දිනයකි, අද දවස.

ඔබ සහ මා ඇතුලු සියලු දෙනාව, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයයක් තුල නියෝජනය කරන්නට පත් කළ ඇතම් මන්ත්‍රීන්, ඔවුන්ගේ හැසිරීම මගින් ඔබගේ ජන්දය හැල්ලුවට පත්කළා.

අප මොවුනට ජන්දයදී පර්ලිමේන්තුවට යවන්නේ, අපගේ නියෝජිතයන් ලෙස, රටේ සංවර්ධනය වෙනුවෙන්, අපගේ යහපත වෙනුවෙන්, අපගේ දුවාදරුවන් වෙනුවෙන් මහන්සිවී වැඩ කිරීමටයි.

එහෙත් ඔවුන්ගේ ඉතා පහත් නොහොබිනා හැසිරීම නිසා, ඔවුන් අපගේ නියෝජිතයන් ලෙස හැදින්වීම ලැජ්ජා සහගතය.
මෙවැනි හැසිරීම්වලට ඉඩදී බලා සිටි නායකයින් ලැජ්ජවිය යුතුය.

ප්‍රකෝපකරවන සහ ඇවිස්සිලි සහගත වතාවරණයක් තුල ඉවසිල්ලෙන් සහ විනීතව ගෞරවනීය හැසිරීමක් පෙන්නුම් කල මහජන නියෝජිතයන්ව අපි අගය කරමු.

හිතට වේදනා ගෙන දෙන මෙවැනි සිදුවීම්, කණස්සල්ලෙන් සහ ඉවසීමෙන් පුරවැසියන් බලාගෙන සිටී.

අපේ රට ආසියාවේ පැරැණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටයි. ශිෂ්ට සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී රටක මහ ජනතාව තමන්ව නියෝජනය කරන්නට මන්ත්‍රීන් පත් කරන්නේ, ජනතාවට හැම මොහතමක, තීන්දු තීරණ අවශ්‍ය සැමවිටකම එකතුවීමට නොහැකි නිසාය.

අප වෙනුවෙන් තීරණ ගන්නට පත් කල මොවුන් හැසිරිය යුත්තේ මෙසේද? මෙවැනි හැසිරීම් මගින් මොවුන් අපහාස කරන්නේ ඔවුන්ව පත් කල අපටම නොවේද? හෑල්ලුවට ලක්කරන්නේ අපවම නොවේද?

අප සියලු දෙනා ගරුකරන, හිටපු හමුදා නිලධාරියෙක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකුවන, කථානායක තුමාවෙත එල්ල කල ප්‍රහාර, වාච්ක ඇතුලුව, නින්දා සහගතය. ප්‍රජාතන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තුවේ උත්තරීතරබව රැකගැනීමට

නින්දා සහගත, ප්‍රකෝපකාරි ප්‍රහාර සහ හැසිරීම් මද්‍යයේ එතුමන් සංයමයකින් සහ නිර්භීතව කල සේවය අගය කල යුතුයි.
ඉතිහාසයට යන මේ දුක්බර දිනයෙන් අප ඉගෙන ගත යුතු දේ බොහෝය.

මෙවැනි පහත් සිදුවීම් වැලක්විය හැක්කේ පොදු මහ ජනතාවට පමණි. මෙවැනි හැසිරීම අප පිළිකුලෙන් දකින බව කිව හැක්කේ පොදු මහ ජනතාවට පමණි. අපගේ ජන්දයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරණ ලෙස බල කළ හැක්කේ ද පොදු මහ ජනතාවට පමණි. අපව රට අතුලත සහ පිටත ලැජ්ජාවට මෙලෙස පත්‍කීරීම නතරකරන්නට කිව හැක්කේ ද පොදු මහ ජනතාවට පමණි. අප වෙනුවෙන් අපගේ දරුවන් වෙනුවෙන් ශිලාචරකමකින් හැසිරීමට කිව හැක්කේ ද පොදු මහ ජනතාවට පමණි.

මේ පොදු මහ ජනතාව, ඔබය. අද වැනි තව දිනයන් ඇති නොවන්නට ක්‍රියාකළ හැක්කේ ඔබටමය.

ඉම්තියාස් බාකීර් මාකාර්"

2 comments:

  1. இந்த பெறுமதியான காலத்துக்கு மிகவும் பொருத்தமான அறிவுரை மனநோயாலும்,அதிகார ஆசையிலும் மிதக்கும் கூட்டத்தின் காதுகளை சென்றடையுமா? உங்களையும் என்னையும் போன்ற அப்பாவிகள் வாசித்துவிட்டு மறந்துவிடுவது அவ்வளவுதான்.

    ReplyDelete

Powered by Blogger.