Header Ads



ரணிலின் இப்தார் உரை

2017.06.22 වන දින අරලියගහ මන්දිරයේ පැවැති ඉෆ්තාර් උත්සවයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව.

අපගේ ආරාධනය පිළිගෙන ඉෆ්තාර් උත්සවයට සහභාගි වීම සඳහා පැමිණි ඔබ සියලූ දෙනා මා පිළිගන්නවා. 
රාමසාන් උපවාසය මගින් ඉවසීම, භක්තිය, කරුණාව සහ පරිත්‍යාගශීලීත්වය ඉස්මතු කරනවා. විශේෂයෙන් රාමසාන් උත්සව කාලයේ දී තමන්ට බැන්නත්, පහර දුන්නත් ඔබගේ ඉවසීම පිළිබදව මම ස්තූතිවන්ත වන අතර රාමසාන් උපවාසයේ සත්‍ය භාවය එයින් ඔප්පු වෙනවා. 
පසුගිය කාලයේ ඇති වූ ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් ඇතැම් ඉස්ලාම් භක්තිකයන් තමන්ගේ ඉෆ්තාර් උත්සව නොපවත්වා එම මුදල් ආපදාවට ලක්වූ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කළා. ඔවුන් ඒ මුදල් පරිත්‍යාග කළේ සියලූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙනුයි. විශේෂයෙන්ම එම සහන ලැබුණේ ගම්මානවල ආපදාවට ලක්වූ සිංහල ජනතාවටයි. එයත් මා විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. 
මොහොම්මද්තුමාට කුරාණයෙන් ලැබුණු මෙම ශුද්ධ වූ මාසය මේ වන විට මුලූ ලෝකයේම ජාත්‍යන්තර උත්සවයක් ලෙස සමරනවා. ආගමක්, ධර්මයක් ඇති වූ කාලයේ පටන්ම වෙනත් ආගම් අදහන පුද්ගලයන් පවා මෙම උත්සවය පිළිගන්නවා. එය ආගමේත්, සහජීවනයේත් කොටසක් බව කිව යුතුයි. 
ඉස්ලාම් ධර්මයෙන් වුවත්, බෞද්ධ ධර්මයෙන් වුවත් සිදු කරන්නේ පුද්ගලයින්ගේ මනස සුවපත් කිරීමයි. එමගින් ලෝකය සුවපත් කිරීමයි. 
අනුන්ට වචනයෙන් හෝ ශාරීරිකව හෝ හිරිහැරයක් නොකරන පුද්ගලයා අල්ලාහ් දෙවියන් වහන්සේගේ පිළිගැනීමට ලක්වන බව මොහොම්මද්තුමා පැවසුවා. ඒ ආකාරයටම අනුන්ට හිරිහැරයක් හෝ ජීවිත හානියක් හෝ නොකළ යුතු බව බුදු දහමේ සඳහන් වෙනවා. 
අපි සෑම ආගමකටම, ධර්මයකටම ගරු කරනවා. “ඔබගේ දහම ඔබටයි. මගේ දහම මටයි.” යනුවෙන් ඉස්ලාම් ආගමේ සඳහන් වෙනවා. මේ රටේ අප ජීවත් විය යුත්තේ ඒ අනුවයි. බුදුන් වහන්සේගේ ධර්මය පිළිගනිමින් සෑම ආගමකටම, ධර්මයකටම ගරු කළ යුතු බවත්, සැලකිය යුතු බවත් අශෝක අධිරාජ්‍යයා කියා සිටියා. එසේ නම් සෑම ධර්මයකම අර්ථය මනස සුවපත් කිරීමයි. ඒ සඳහා ශ්‍රී ලංකාවේ ජනතාව එක්සත්ව ක්‍රියා කළ යුතු වෙනවා. 
මනස විකෘති කරන්නන්ට, වෛරය පතුරුවන්නන්ට බුද්ධ ධර්මය තුළ පැවැත්මක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වෛරයෙන් තොරව ජීවත් වන ලෙසයි. මනසේ වෛරය පවතිනවා නම්, එම මනස දියුණු මනසක් වන්නේ නැහැ. එම නිසා කිසිවෙකුට වෛරය පතුරුවා බුද්ධ ධර්මය පිටුපස ආරක්‍ෂා වීමට හැකියාවක් නැහැ. එවැනි ආරක්‍ෂාවක් ලබාදීමට ද හැකියාවක් අත්තේ නැහැ.
එම නිසා විශේෂයෙන්ම මේ රටේ බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි ආගම් අතර සහජීවනය ඇති කිරීමට අප ක්‍රියා කරනවා. නීතියේ ආධිපත්‍යය, එම සහජීවනය ඇති කිරීමේ මූලික කොටසක්. නිතියේ ආධිපත්‍යය අනුව අපි කටයුතු කළ යුතුයි. සියලූ ආගම් එය පිළිගන්නවා. දස රාජ ධර්මයෙන් කියවෙන්නේ ද එයයි. ගිහි හෝ පැවිදි ඕනෑම අයෙකුට නීතියට ඉහළින් ක්‍රියාත්මක විය නොහැකියි. නීතිය කඩමින් හෝ එය නොසලකා හරිමින් කිසිවෙකුට ක්‍රියා කළ නොහැකියි. අපි සියලූ දෙනා නීතියට අනුව කටයුතු කිරීමටත්, නීතිය ක්‍රියාත්මක කිරීමටත් බැඳී සිටිනවා. 
රජයක් ලෙස ආගමික සංහිදියාව ඇති කිරීමට අප කැප වී සිටිනවා. නීතිය ක්‍රියාත්මක කරන අතර ජනතාව එකමුතු කරනවා. අප රටේ සැබෑ සාමයක් ඇති වන්නේ එවිටයි. 
එම නිසා මනස සුවපත් කිරීම වෙනුවෙන් අප සියලූ දෙනාම කැප වෙමු. විශේෂයෙන්ම මුස්ලිම් ජාතිකයන් මේ රට දියුණු කිරීමට, රටේ සාමය ඇති කිරීමට, නීතියේ ආධිපත්‍යය ආරක්‍ෂා කිරීමට, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට දක්වන කැපවීම අගය කරනවා. 

3 comments:

  1. இன்று போய் நாளை வா மகனே கதை தான்.

    ReplyDelete
  2. தமிழருடன் தமிழில் பேசுங்கள் !

    ReplyDelete
  3. பதிவுகளை ஒன்று தமிழில் இடுங்கள்... அல்லது ஆங்கிலத்தில் இடுங்கள். சிங்களத்தில் இடுவதாயின் தமிழ் மொழிபெயர்ப்பையும் செய்யுங்கள். பிரயோசனமாக இருக்கும்.

    ReplyDelete

Powered by Blogger.