Header Ads



'நாட்டில் என்ன நடக்கிறது' மஹிந்தவிற்கு வேட்புமனு, தனக்கு தெரியாதென கைவிரித்த மைத்திரி

-நஜீப் பின் கபூர்-

நாட்டில் பெரும் பரபரப்பைக் ஏற்படுத்திய செய்தி தொடர்பாக மைத்திரியை பதவிக்கு கொண்டுவர முதல் அடியைத் துவக்கிவைத்த மாதுலுவாவே சோபித தேரர் இந்த அறிவித்தல் தொடர்பாக ஜனாதிபதி மைத்திரியிடம் கேள்வி எழுப்பி இருக்கின்றார்.

அதற்குப் பதில் கொடுத்த ஜனாதிபதி இந்த செய்தி தொடர்பாக தனக்கு எதுவுமே தெரியாது என்று அறிவித்திருக்கின்றார். இந்த வேளையில் சுசில் சம்பந்தப்பட்டாரா என்பதை தான் ஆராய்ந்து கொண்டிருப்பதாகவும் அவர் அங்கு குறிப்பிட்டிருக்கின்றார் அவரிடத்தில் குறிப்பட்டார்.

அரச கட்டுப்பாட்டில் உள்ள ஊடகங்களும் மஹிந்தவுக்கு வேட்பு மனுக் கொடுக்கப்பட்டு விட்டது என்ற செய்தியை ஒலிபரப்பி, உறுதி செய்து வருவதும் வேடிக்கையான விவகாரமாக இருக்கின்றறது. 

அத்துடன் இந்த அறிவித்தலை வெளியிட்டதாக சொல்லப்பட்ட சுசில் கூட அந்த இடத்தில் இருக்காமால் இருந்ததும், ஜனாதிபதி மைத்தரி இது பற்றி எதுவும் இன்னும் கூறாமல் இருப்பதும் அடுத்த வேடிக்கை! 

எமக்குக் கிடைத்த தகவல் படி இந்த செய்தியை நாம் பதிவேற்றும் நேரம் சந்திரிக்காவுடன் மைத்திரி ஒரு நிகழ்வில் கலந்து கொண்டிருப்பதாகத் தெரிகின்றது. நாட்டில் என்னதான் நடக்கின்றது?

((LANKAENEWS  ஆதாரமாக வைத்து இது தயாரிக்கப்பட்டது. ஆதாரம் இணைக்கப்பட்டுள்ளது)

මහින්දට එජනිසයෙන් නාම යෝජනා දෙන බවට නිකුත් කර ඇති නිවේදනය ජනාධිපති ප්රතික්ෂේප කරයි : මාදුලුවාවේ සෝභිත හිමියන් අමතා කියලා
(ලංකා ඊ නිව්ස් -2015.ජුලි.03 ප.ව.7.30) පරාජිත මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කිරීම සදහා නාම යෝජනා ලබා දීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි පවසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ යැයි සැක කෙරන ලිපි ශීර්ෂයකින්  සුසිල් ප්රේම් ජයන්ත් මහතාගේ අත්සන යැයි කියන සැක කටයුතු අත්සනකින් නිකුත් කර ඇති නිවේදනයේ ඇති කරුණු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ප්රතික්ෂේප කර තිබේ.

ඔහු මෙම ප්රතික්ෂේප කිරීම කර ඇත්තේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්යාපාරයේ නායක මාදුළුවාවේ සෝභිත හිමියන් අද සවස ඇමතූ අවස්ථාවේදී ය. සෝභිත හිමියන් ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ඉල්ලා තිබී ඇති අතර එම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද සවස මාදුළුවාවේ සෝභිත හිමියන් අමතා තිබේ. ඒ වන විට ඉහත කී සැක කටයුතු නිවේදනය මාධ්ය හරහා ප්රචාරය වී තිබීමෙන් කලකිරීමට පත්ව සිටි සෝභිත හිමියන් 'දැන් ඉතින් ඔබ තුමා හමුවීමට මට අවශ්යතාවයක් නෑஇ ඔබ තුමා නොකරන්න ඕනෑ දේ කරලානේ තියෙන්නේ ' යි පවසා හමුවීම ප්රතික්ෂේප කර තිබේ. එවිට ජනාධිපති වරයා සෝභිත හිමියන්ට පිලිතුරු දෙමින් කියා ඇත්තේ එම නිවේදනයේ සඳහන් කරුණු කාරණා වලට තමන්ගේ සම්බන්ධයක් නැති බවත් එය ඇත්තටම සුසිල්ගේ වැඩක්දැයි තමන් සොයන බවත් ය.

එජනිසය නමින් නිකුත් කරන ලද නිවේදනයට පෙර දා එනම් ඊයේ(02) එජනිස පක්ෂ නායකයන් සමග සාකච්ඡාවේදී මෛත්රීපාල ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබා නොදෙන බව ස්ථිරවම පැවසූ අතර අද උදෑසන වාසුදේව නානායක්කාර මාධ්යයට ප්රකාශ කර තිබුනේ ද මහින්ද රාජපක්ෂට නාම යෝජනා නොලැබෙන බව ඊයේ සාකච්ඡාවේදී තහවුරු වූ බවයි.

නමුත් අද උදෑසන එජනිස ලේකම්  සුසිල් ප්රෙම් ජයන්ත දිනේ්ෂ් ගුණවර්ධන සහ විමල් වීරවංශ හමුවක් සිදුව තිබිණ. ඉන් පසුව මෙකී සැක කටයුතු නිවේදනය මාධ්ය වෙත නිකුත් කරන ලද අතර මහින්ද රාජපක්ෂ පාර්ශවය විසින් අද සංවිධානය කරන ලද මාධ්ය සාකච්ඡාවේදී දිනේෂ් ගුණවර්ධන විසින් මෙකී මාධ්ය නිවේදනය කියැවූවා පමණි. ඉන්පසුව මාධ්ය හමුව කල් දැමිණ. සුසිල් ප්රෙම් ජයන්ත මහතා මේ සම්බන්ධයෙන් කිසිදු ප්රකාශයක් මෙතෙක් කර නැත. 

මේ අතර මෙම මාධ්ය නිවේදනය සම්පූර්ණ අසත්යයක් නම් ජනාධිපති මාධ්ය අංශයට එය නිල වශයෙන් ප්රතික්ෂේප කිරීමට මේ වන විට ඕනෑ තරම් කාලය තිබූ නමුත් එවැන්නක් සිදුකර ද නැත.

ලංකා ඊ නිව්ස් මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්ය අධ්යක්ෂ ජෙනරාල් වරයාගෙන් සහ ජනාධිපති මාධ්ය ලේකම් වරුන්ගෙන් විමසූ විට ඔවුන් දුරකථන ඇමැතුම් මග හරිති. ජනාධිපතිවරයාගේ පුද්ගලික දුරකථන අංකය ඇමතූවද එය ක්රියා විරහිත  කර තිබේ. ජනාධිපතිවරයාට සමීප පුද්ගලයන් බොහෝ දෙනෙකු ද තම දුරකථන අංක ක්රියා විරහිත කර තිබේ. 

අද රාත්රී හිටපු ජනාධිපතිනිය චන්ද්රිකා බණ්ඩාරනායක මහත්මියගේ උපන් දිනය වෙනුවෙන් රාත්රී භෝජන සංග්රහයක් පැවැත්වෙන අතර ජනාධිපතිවරයා ඊට සහභාගී වීමට නියමිත ය. එහිදී ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් දෙනු ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය මාධ්යයට නිකුත් කරන ලදැයි දිනේෂ් ගුණවර්ධන විසින් වහලුන්ගේ මාධ්ය හමුවේදී කියැවූ සැක කටයුතු මාධ්ය නිවේදනය මෙහි දැක්වේ. එහි යම් යම් දේ මකා ඇති අයුරු සහ කපා ඇලවූ කොටස් පැහැදිලිව දැක ගත හැක. මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණයේදී මෛත්රී සහ රනිල් අත්සන් කළා යැයි ව්යාජ ලියැවිල්ලක් මාධ්යයට ඉදිරිපත් කළ අතර එය ව්යාජ ලියැවිල්ලක් බව රජයේ රස පරීක්ෂක වරයාද තහවුරු කෙළේය. තිස්ස අත්තනායක ඒ සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරයේද පසුවිය.



4 comments:

  1. My3 becomes Joker of the Year..........................

    ReplyDelete
  2. May be his having master plain .will see within72hours.be patient

    ReplyDelete
  3. ஒரு நாட்டின் ஜனாதிபதி சார்லி சப்லின் மாதிரி நடந்து கொள்ளக்கூடாது.

    ReplyDelete

Powered by Blogger.