Header Ads



ஹமீதியாஸ் உரிமையாளரை கடத்தி, அலரி மாளிகையில் கப்பம் கோரப்பட்டது..!

(Amjad)

Hameedias உரிமையாளாரின் கண்களை கட்டி கடத்தி 300 இலட்சம் கப்பம் பெற்றது அலரிமாளிகையில் வைத்து. வெள்ளை வான் கடத்தல்காரன் வாக்கு மூலம்.

மகிந்த ராஜபக்ஷா சீன செயற்திட்டங்கள் மூலம் பாரிய அளவில் நிதி மோசடிகளை மேற்கொள்ள முன்னர். நாட்டில் யுத்தம் நடைபெற்று வந்த வேளையில், 2006 ஆண்டு மகிந்த ராஜபக்ஷா ஆட்சிக்கு வந்த ஆரம்ப காலப்பகுதியில், நாட்டின் முன்னணி முஸ்லிம் மற்றும் தமிழ் வர்த்தகர்களை வெள்ளை வான் மூலம் கடத்தி, அலரிமளிகையில் வைத்து கப்பம் பெற்ற நிகழ்வு ஆதாரங்களுடன் லங்கா ஈ நிவுஸ் கு கிடைத்துள்ளது.

அப்போது ஆடை அலங்கார துறையில் பிரசித்தி பெற்ற நிறுவனமான ஹமீடியாஸ் உரிமையாளர் மொஹமத் அமீன் அவர்களை வெள்ளை வான் மூலம் கடத்தி அலரிமாளிகையில் வைத்து கப்பம் பெற்ற நிகழ்வை, கடத்தலில் சம்பந்தபட்ட ஒருவர் ளங்கா ஈ நிவுஸ் கு வாக்குமூலம் அளித்துள்ளார்.

கப்பம் வழங்க மறுக்கும் நபர்களை, புலிப் பயங்கரவாத முத்துரை பதித்து, வட பகுதிக்கு கொண்டு சென்று, அவர்களை கொடுமைப்படுத்தி கொலை செய்து, இரும்பு அல்லது கற்களை கட்டி கடலில் மூழ்கடிததுள்ளனர்.

හමීඩියාස් අයිතිකරු දෑස් බැඳ සුදුවෑන් රියකින් පැහැරගෙන විත් අරලියගහ මැදුරේදී ලක්ෂ 300 ක් කප්පම් ගත්තේ මහින්දමයි - මහින්දගේ සුදුවෑන් මිනීමරුවෙක් හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් - 2015.මැයි.05, ප.ව.4.10) මැදමූලන මහින්ද රාජපක්ෂ චීන ව්‍යපෘති හරහා මහා පරිමාණයෙන් මුදල් ගසා කෑමට පෙර බලයට ආ මුල් වකවානුවේ එනම් 2006 දී පමණ යුද්දය පවතිද්දී රටේ ප්‍රධාන පෙලේ මුස්ලිම් සහ දෙමළ ව්‍යාපාරිකයන් සුදු වෑන් වලින් පැහැරගෙන අරලියගහ මැදුරට ගෙනැවිත් කෝටි ගණනින් කප්පම් මුදල් රැගෙන ඇතැයි සාක්ෂි සහිතව ලංකා ඊ නිව්ස් වෙත ලැබී තිබේ. 

එවන් එක් ව්‍යාපාරිකයෙක් නම් ලංකාවේ නමගිය ඇඟලුම් ව්‍යාපාර ජාලයක් වන හමීඩියාස් අයිතිකාර මොහොමඩ් අමීන් මහතා ය. ඔහු සුදු වෑන් රියකින් පැහැරගෙන  දෑස් බැඳ අරලියගහ මැදුරට ගෙන්වා රුපියල් ලක්ෂ 300 ක් කප්පම් ලෙස ලබා ගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂ විසින්ම බව පැහැර ගැනීමට හවුල් වූ පුද්ගලයෙක් ලංකා ඊ නිව්ස් වෙත පාපෝච්චාරණය කෙළේය. 

කප්පම් නොගෙවූ ව්‍යාපාරිකයන් කොටි ලේබල් ගසා නැගෙනහිරට ගෙන ගොස් වද දී මරා දමා මළ සිරුර කටු කම්බි සහ ගල් බැඳ මුහුදේ ගිල්වා අතුරුදහන් කර ඇත. සමහරුන් කප්පම් ගෙවූවද මරා දමා තිබේ. ව්‍යාපාරිකයන් තෝරා ගෙන ඇත්තේ ද මහින්ද රාජපක්ෂ මුදල් ඇමැති ලෙස බදු ගෙවා නැති ව්‍යාපාරිකයන්ගේ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලබා ගෙන ය. 

මේ සඳහා කීර්ති ගජනායක නම් එකළ බුද්ධි අංශ ලොක්කාද හවුල් වී ඇති අතර මෙහි දැක්වෙන සේයාරුවේ සිටින අබේරත්න නම් බුද්ධි අංශ නිලධාරියා රාජපක්ෂලා වෙනුවෙන් පැහැර ගැනීම් සහ ඝාතන සිදුකළ පුද්ගලයන්ගෙන් ප්‍රධාන අයෙකි. 

වැල්ලවත්තේ තෙල් මුදලාලි, කොළඹ සීනි මුදලාලි, ආදීහු මෙලෙස පැහැරගත් ව්‍යාපාරිකයන් අතර වෙති. වැල්ලවත්ත විදේශ මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් වූ ප්‍රසන්න එක්ස්චේන්ජ් නමැති ආයතනය මංකොල්ලා කා ඇත්තේ ද මෙම පිරිසමය. මෙවැනි අත්දැකීම් වලට මුහුණ දුන් තවත් ව්‍යාපාරිකයන් රාශියක් වෙතත් රාජපක්ෂලා තවමත් නිදැල්ලේ සිටින බැවින් ඔවුන් බියපත්ව ඉදිරිපත් නොවෙති. 

සේයාරුවේ සිටින අබේරත්න නමැති සුදුවෑන් මිනීමරුවා ඍජුවම මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ විසින් මෙහෙයවා ඇති අතර මීට පෙර ලංකා ඊ නිව්ස් සේයාරුවක් සමග හෙළිදරව් කළ ෆේබියන් රොයිස්ටන් ක්‍රිස්ටෝපර් තුසේන්ට් නමැති මිනීමරුවාද අබේරත්නගේ මිනීමරු කණ්ඩායමේ අයෙකි. 

2007 ජුනි 03 වෙනිදා කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිටදී පැහැරගෙන මරා දමන ලද රතු කුරුස සාමාජියන්ගේ ඝාතනයන්ද සිදුකරන ලද්දේ මේ දෙදෙනා එක්ව ය. 

අබේරත්න සහ තුසේන්ට් නමැති මිනීමරුවන් දෙදෙනාම කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගත්තද ගෝඨාභය රාජපක්ෂගේ නියෝග මත චෝදනා නැතැයි සඳහන් කරමින් නිදහස් කර යවා ඇත.

මේ වන විට සාක්කි ඕනෑ තරම් ඇති මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මිනීමරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔවුන් සමග සාකච්ඡා කිරීමට යෑම නින්දා සහගත ය. 

පසුගිය ජනවාරි 9 වෙනිදා මේ රටේ දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන වෘත්තීය සමිති 49 ක් එක්ව මෛත්‍රීපාල සිරිසේන මහතාව රටේ නායකයා බවට පත් කෙළේ වසර 9 ක් පුරා රාජපක්ෂලා විසින් වනසන ලද රට ගොඩ නැගීමට මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ නැගීමට නොවන බව ඔහු තේරුම් ගත යුතුය.

සබැඳි පුවත් : රතු කුරුස සාමාජිකයන් දෙදෙනෙකු කොටුව දුම්රිය පොල ඉදිරිපිටදී පැහැරගෙන ඇස් උගුල්ලා වෙඩි තබා මරා දැමූ ගෝඨාගේ ඝාතකයාගේ සියළු තොරතුරු මෙන්න

5 comments:

  1. இதற்குரிய தண்டனையை விரைவில் பெறுவார்கள்

    ReplyDelete
  2. அடப்பாவிகளா..? இதையெல்லாம் செய்துவிட்டுத்தானா ' எங்கள் குடும்பத்தை அரசியல் பழிவாங்குகின்றார்கள்' என்று உத்தம வில்லன்கள் போல அலப்பரை காட்டுகின்றீர்கள்...?

    ReplyDelete
  3. ivarkalukku kandippaka thandanai alikka vendum. athe pondru jaffnamuslim inthan seidiyai mudinda alavu naattu makkalukku eduthu solli vilippunarvu voottavendum

    ReplyDelete
  4. நாசமாகப் போகட்டும் இந்த மஹிந்தவும் அவனின் குடும்பமும். அவனவனின் வசதி வாய்ப்பை அனுபவிக்க விடாது கோடி கோடியாக அத்துமீறி எடுத்த பணங்களால் இப்போது என்ன மயிரைப் பிடிங்குகிறீர்கள்? மஹிந்தாவே! கோத்தாவே. உங்களுக்கெல்லாம் நாட்டு மக்கள் செருப்பால் அடிக்க வேண்டும். நாட்டையும், நாட்டு மக்களையும் அழிவில் தள்ளிய கிள்ளாடிகள்.

    ReplyDelete

Powered by Blogger.