Header Ads



'அதிர்ச்சி ரிப்போர்ட்' முஸ்லிம் பிரதேசங்களில் புகுந்து, அழிவுகளை ஏற்படுத்தவிருந்த பொதுபல சேனா

-நஜீப் பின் கபூர்-

ஜனவரி 8ம் திகதி நடைபெற்ற தேர்தலில் ராஜபக்ஷக்கள் தோற்றுப்போகும் நிலையில் இரணுவச் சதி மூலம் ஆட்சியைத் தொடர்ந்தும் தக்க வைத்துக்கொள்ள செய்த ஏற்பாடுகள் தொடர்பாக இன்று பரபரப்பாகப் பேசப்பட்டு வருகின்றது. மேலும் இது பற்றிய புதிய தகவல்களும் தற்போது கசியத் துவங்கி இருக்கின்றது.

ராஜபக்ஷவின் முன்னைய ஆட்சி காலத்தில் தமது உயிர்களைத் தக்கவைத்துக் கொள்ள வெளிநாடுகளுக்கு ஓடிய ஊடகவியலாளர்களில் ஒருவரான சுனந்த தேசப்பிரிய இந்த சதிப் புரட்சி தொடர்பாக விரிவாக கட்டுரையொன்றை எழுதி இருக்கின்றர். இவர் தற்போதய தேர்தல் ஆணையாளர் மஹிந்த தேசப்பிரியவின் உடன் பிறந்த சகோதரர் என்பதும் குறிப்பிடத்தக்கது.

இவர் தனது கட்டுரையில் குறிப்பிடுகின்ற தகவல்களின்படி 9ம் திகதி இராணுவச் சதிக்கு பொலிஸ் அதிபரும் இராணுவ அதிகாரிகள் சிலரும் நாம் முன்பு ஒரு கட்டுரையில் சொல்லி இருந்த படி தமது எதிர்ப்பைக் காட்டி இருக்காவிட்டால், அன்று இராணுவத்தின் ஒரு பிரிவு ரத்னா லங்கா தனியார் பாதுகாப்புப் பிரிவு மற்றும் நாமல் ராஜபக்ஷாவின் நிலப் படையணியும் இணைந்து மக்கள் ஆணைக்கு எதிராக ஆயுதங்களுடன் வீதிகளில் இறங்கி அட்டகாசம் புரிந்து கொண்டிருக்கின்ற அதே நேரம் தற்போது சர்ச்சையாகி இருக்கின்ற பண்டாரநாயக்க சர்வதேச மண்டபம் மற்றும் காலியில் கப்பலில் இருந்த ஆயுதங்களையும் இவர்கள் இதற்கு உபயோகிக்க இருந்தனர் என்று சுனந்த தேசப்பிரிய குறிப்பிடுகின்றார்.

இந்த ஆயுதங்களின் ஒரு தொகை ஞான சாரர் தலைமையிலான பொது பல சேனாவின் கரங்களுக்கும்  கிடைக்கும். இதனை எடுத்தக் கொண்டு அவர்கள் முஸ்லிம் பிரதேசங்களில் புகுந்து அழிவுகளை ஏற்படுத்தத் தயாராக இருந்தனர். அதே போன்று தமிழ் பிரதேசங்களில் வன்முறைகள் நடத்தவும் ஏற்பாடுகள் இருந்தது. என்று சுனந்த தேசப்பிரிய தனது கட்டுரையில் குறிப்பிட்டிருக்கின்றார். சிங்கள் மொழியில் எழுதப்பட்ட அந்தக் கட்டுரையை இத்துடன் இணைத்திருக்கின்றோம். 

ராஜபக்ஷவின் அரசில் முக்கிய பதவி வைத்த அமைச்சர்கள் அதிகாரிகள் பொது பல சேனாவுக்கும் ராஜபக்ஷக்களுக்கும் நேரடி உறவு என்பதனை இன்று பகிரங்கமாக கூறிவருகின்றனர் என்பது குறிப்பிடத்தக்கது.

තීරණාත්මක උදෑසනකින් වැළකී ගිය ශ්රී ලංකා ලේ විල..! සුනන්දගේ සටහනක්
(ලංකා ඊ නිව්ස් -2015.ජන.23இප.ව.9.45)  රාජපක්ෂ ද රාජපක්ෂ බෑයන්  ද පුත්රයන් ද දැන් සාන්තුවරයින් ය. රාජපක්ෂ ලැජ්ජාවක් නැතිව මේ 'යහ පාලනයද' යි අසන්නේ තම දුරාචාර පාලනය යටතෙහි විරුද්ධවාදීන් මත මුදා හැරි මෘග පාලනය මෙරට ජනයාට මෙළහකටත් අමතක වී ඇතැයි සිතා ගෙන විය යුතුය.
ජනාධිපතිවරයාගේ පුතා වීම පාපයක් ද කියා නාමල් රාජපක්ෂ අසන්නේ පියාගේ බල මහිමයෙන් කරන ලද දුෂ්ඨ සහ නින්දිත බලහත්කාරයන් මෙරට ජනයා නොදන්වා සේ ය.
සිය අමාත්යංශ ගිනුමෙහි නීති විරෝධී ලෙස රුපියල් බිලියක 13ක් තබා ගත් ගෝඨාභය එය සාධාරණ කරන්නේ අයියාගේ ඇමැති මණ්ඩලය තමාට ඒ සඳහා අවසර දුන් බව කියමිනි.
එපමණක් නොව රට බේරා ගත් නායකයින් සහ යහපාලනයේ ආරක්ෂකයින් වීමට තප්පුලන රාජපක්ෂවරුන් ජනාධිපතිවරණයෙන් පරාජය වන බව දැන ගත් වහාම ශ්රී ලංකාව ලේ විලක හෝ ගිල්වා සිය බලය රැකගැනීමට ගැනීමට සූදානම් වූ බියකරු උත්සාහය දැන් පැහැදිළිව හෙළිදරව් වී තිබේ. 
තනි පුද්ගලයකු හෝ කිහිප දෙනෙකු මත දේශයක අනාගතය රඳා පවතින  අවස්ථා නිර්මාණය වන්නේ අතිශය කලාතුරකිනි. අපේ ශ්රී ලංකාවෙහි පසුගිය ජනවාරි 08 සහ 09 යන දිනයන්හි උද්ගතව තිබූයේ අන්න එවැනි තීරණාත්මක මොහොතකි. රාජපක්ෂ භීෂනය සහ කුප්රයෝග පරදවමින් පැවැත්වූ ජනාධිපතිවරණයේ ප්රතිඵල ආපස්සට හරවනු පිණිස ජනවාරි 09 දින අරලිය ගහ මන්දිරයේ සිට සැළසුම් කල කුමන්ත්රණය සාර්ථක වූයේ නම් ශ්රී ලංකාව අද ලේ විලකි.
'ශ්රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය' නම් එකතුව විසින් සකස් කරන ලද ලිපියක ඇඟ ලොමු දැහැ ගන්වන මෙම කුමන්ත්රණ සිදුවීම් මාලාව විස්තර කර තිබේ.
නීතිපති යුවන්ජන විජයතිලක මහතාට අරලිය ගහ මන්දිරයට පැමිණෙන ලෙස පසුගිය 9 වන දින අළුයම තුනට පමණ කැඳවීමක් ලැබුණි. එයට පැය කිහිපයකට පෙර පනාගොඩ හමුදා කඳවුරෙහි හමුදා ඛන්ඩ ගණනාවකට කොළඹ සහ තදාසන්න පෙදෙස්හි ඡන්ද ගණන් කිරිමේ මධ්යස්ථාන ගණනාවක් අවට රැස්වන ලෙස නියෝග ලැබී තිබුණි.
අරලියගහ මන්දිරයට යෑමට පෙර නීතිපති විජයතිලක මහතා සොලිසිටර් ජෙනරල් (නියෝජ්ය නීතිපති) බිම්බා තිලකරත්න මහත්මියට කතා කොට තමාට අරලිය ගහ මන්දිරයට කැඳවීමක් ඇති බවත් අවශ්ය වුවහොත් තමාට නීති උපදෙස්  ලබා දීම පිනිස සූදානමින් සිටින ලෙසත් කියා සිටියේ ය. අරලිය ගහ මන්දිරයට යත්ම ඔහු වහාම රැස්වීම් කාමරයකට ගෙන යන ලදී. එහි දුටු දෙය මවිතකර විය.
ජනාධිපති රාජපක්ෂ සහ සොයුරු ගොඨාභය රාජපක්ෂ  ද විදේශ ඇමැති ජී. එල්. පීරිස්இ පළාත් සභා මංත්රී උදය ගම්මන්පිළ සහ අගවිනිසුරු මොහාන් පිරිස් ද එහි විය.
මෙම පිරිස නීතිපතිවරයාගෙන් විමසා සිටියේ ඡන්ද ගණන් කරන මධ්යස්ථාන කිහිපයක කළබල ඇතිවී එය මර්දනය කිරීමට යුද හමුදාව යොදවා හදිසි නීතිය පනවා මැතිවරණ ප්රතිඵල ප්රකාශයට පත් කිරීම නතර කිරීමට ජනාධිපතිවරයාට නීතිමය ආවරණයක් ඇතිද? යනු ය. එසේ නම් වහාම එම නියෝග පොලිස්පතිවරයට සහ යුද හමුදාපතිවරයාට නිකුත් කිරීම රාජපක්ෂවරුන්ගේ දුෂ්ඨ සැළැස්ම විය.
මෙම ප්රශ්ණයට සුපැහැදිළි පිළිතුර නීතිපති දැන සිටියේ ය. එනම් ජනාධිපති හෝ වෙන යම් කිසිවකුට හෝ මැතිවරණ කොමසාරිස්වරයාගේ අභිමතයට ඉහලින් යෑමට කිසිදු ව්යවස්ථාදායක ප්රතිපාදනයක් නැති බවයි.  එසේ නමුත් නීතිපතිවරයා කියා සිටියේ තමාට මේ සම්බන්ධයෙන් සොලිසිටර් ජනරාල්ගෙන්ද අදහස් විමසිය යුතු බවයි. එසේ කී නීතිපතිවරයා පිරිස ඉදිරියෙහිම සියලු තතු  බිම්බා තිලකරත්න වෙත පැහැදිළි කර ඇයගේ අදහස විමසීය. මේ වනාහී කුමන්ත්රණ සැලැස්ම වහාම පිටතට දැන්වීමට යොදා ගත් උපක්රමයකැයි කියනු ලැබේ. තිලකරත්න මහත්මිය ද මේ මහත් අනතුර දැක වහාම නීති උපදෙසක් ලබා ගැනීමේ මුවාවෙන් තවත් නීතිවේදියකුට මෙම කාරණය පැහැදිළි කළා ය. 
කවර හෝ නීතිමය කරුණක් ගැන අවසාන තීන්දුව දීම බාරව සිටින අග විනිසුරු මෙම සකච්ජාවෙහි සිටියේ රාජපක්ෂගේ සැළැස්මට තම අනුමැතිය ඇති බව පෙන්වීමට ය.  මහාජනයා විසින් ස්වකීය ඡන්දය ප්රකාශ කොට ඇති අවස්ථාවකදී එහි තරඟකරුවකු වන ජනාධිපතිට අගවිනිසුරු සිය නිවෙසට කැඳවීමට බලයක් නැති සේම අගවිනිසුරුවරයා එහි යාම අගවිනිසුරු ධුරය බලවත් අපචාරයකට ලක් කිරිමක් ද වෙයි. 
එලැඹ තිබුනේ ශ්රී ලංකාවේ තීරණාත්මක හෝරාවයි. නීතිපති සහ නියෝජ්ය නීතිපතිගේ වචනය මත යුද හමුදාව සහ පොලීසියට නියෝග දීමට රාජපක්ෂ අවි අමෝරා ගෙන සිටියේ ය. නියමානුකූල නීතිමය ආවරණයක් නැතිව කිසිදු ක්රියාමාර්ගයක් ගැනීමට තමන් සූදානම් නැති බව මේ වන විට පොලිස්පතිවරයා සහ යුද හමුදාපතිවරයා ජනාධිපති රාජපක්ෂගේ කුමන්ත්රණ ඉල්ලීමට පිළිතුරු වශයෙන් කියා සිට තිබුණි. 
එම තීරණාත්මක පැයේ දී  නීතිපති සහ නියෝජ්ය නීතිපති ඉතිහාසයේ කැඳවීමට අනුගාමිකයින් ලෙස නොව ගරු කටයුතු ස්වාධීන පුරවැසියන් ලෙස මුහුණ දුන්හ. මැතිවරණ කොමාසරිස්වරයා විසින්  ප්රතිඵල  ප්රකාශ කිරීම වැළැක්වීමට ජනාධිපතිවරයාට කවර හෝ නීතිමය සහ ව්යවස්ථානුකූළ අධිකාරයක් ඇතැයි සහතිකයක් දීමට තමන්ට නොහැකි බව ඔව්හු ජනාධිපති රාජපක්ෂට කියා සිටිය හ. 
ඇත්ත වශයෙන්ම නම් මැතිවරණ කොමසාරිස්වරයාஇ පොලිස්පතිවරයාஇ යුද හමුදාපතිවරයාஇ නීතිපති සහ නියෝජ්ය නීතිපතිවරයා එම රාත්රියෙහි දී නියෝජනය කළේ වෙනසක් අපේක්ෂාවෙන්  ඡන්දය ප්රකාශ කර තිබූ හැට ලක්ෂයක් පුරවැසියන්ගේ ගරුත්වය සහ අභිමානය යි.
එය එසේ නොවී නීතිපති ධූරයෙහි මොහාන් පීරිස් හෝ ජී.එල්. පීරිස් වැනි වන්දිභට්ට නීති වෘත්තිකයින් යෙදී සිටියේ නම් ද පොලිස්පති ධූරයේ අනුර සේනානායක හෝ මහින්ද බාලසූරිය වැනි දේශපාලන අළුගෝසුවන් සිටියේ නම්ද  එම සුන්දර උදෑසන භයංකාර රාත්රියක් වීමට නියමිතව තිබුණි.
අද සාන්තුවරයින් වීමට කතා කරන රාජපක්ෂවරුන්ද ඔවුන්ගේ පශ්චාත්භාගය ඉව කරමින් ආතල් ගන්නා  වාසුදේවලාගේ සිට ගම්මන්පිළලා දක්වා ද එම දුෂ්ඨ සැලැස්ම අනුව ගලා යාමට නියමිත වූ ලේ සාගරයේ දිය බුං ගසමින් ප්රීතියෙන් පිනා යමින් සිටින්නට තිබුණි. 
රාජපක්ෂවරුන්ගේ සැළැස්ම ක්රියාත්මක වී මැතිවරණ ප්රතිඵල ප්රකාශ කිරීම පිණිස බලය යෙදෙවනු ලැබුවේ නම් ජනාධිපති අපේක්ෂක මෛත්රීපාල සිරිසේන සහ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය ප්රධාන ගොදුරු බවට පත් වීමට ඉඩ තිබුණේයැයි  දේශපාලන විචාරයකයෝ පවසති
එවැනි තත්වයක් උද්ගත වුයේ නම් ඊට එරෙහිව විපක්ෂයේ ක්රියාකාරි පිරිස් බොහෝ විට ජනතා විමුක්ති පෙරමුණේ සහ අනෙක් සටන්කාමී විපක්ෂ දේශපාලනඥයින්ගේ  නායකත්වයෙන් වීදි බැසීමට ඉඩ තිබුණි. එසේ වී නම් එම ජනයා මර්දනය කරමින් ගෝඨාභය රාජපක්ෂගේ ආයුධ සන්නද්ධ රක්නා ලංකා බලකාය මෙන්ම නාමල් රාජපක්ෂගේ නිල් බලකාය ද වෙඩි වරුසා වස්සවමින් ශ්රී ලංකාව ලේ විලක් කරන්නට තිබුණි. 
ගෝඨාභය රාජපක්ෂ විසින් බන්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවෙහි ගබඩා කර තිබූ ගිනි අවි 3000 කට වඩා ඒ වන විටත් බෙදා හැර තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැක්කේ එම ආයුධ ආ ගිය අතක් සොයා ගැනීමට නැති නිසා ය. ගාලු වරායේ නැවක ගබඩා කර තිබූ ආයුධ කන්දරාවද වහාම නිල් බලකායේ දාමරික පිරිස්  අතට ඉක්මනින්ම ලැබෙන්නට ඉඩ තිබුණි. පිස්තෝල නගරාධිපති හම්බන්තොට විපක්ෂ සංහාරයට නායකත්වය ද ගාලු සංහාරයට මුතුහෙට්ටිගමගේ නායකත්වයද පත් වන්නට හොඳටම ඉඩ තිබුණි. 
එස්.බී. දිසානායක හිටපු ජනාධිපතිනි කුමාරතුංග සොයා ආයුධ සන්නද්ධ දාමරිකයින් මෙහෙයවත් දී  මහින්දානන්ද මහනුවර සංහාරයට නායකත්වය දෙන්නට තිබුණි. කොළඹ ලේ ගංගාවෙහි  අයිතිය ගැනීම පිණිස වීරවංශ සමඟ බොහෝ දාමරික දේශපාලනඥයෝ පොරකමින් සිටින්නට තිබුණි.
9 දා උදෑසන මැතිවරණ ප්රතිඵල  නතර කොට තමා හදිසි නීතිය පනවා බලය ලබා ගත් බව රාජපක්ෂ විසින් ප්රකාශ කලේ නම් ඒ වනාහී රාජපක්ෂවාදී ප්රාදේශීය දාමරික දේශපාලනඥයින්ට බිහිසුණූ මර්දනයක් දියත් කරන්නට කැරෙන ඇරයුම වන්නට හොඳටම ඉඩ තිබුණි. එවැනි තත්වයක් යටතේ රට පුරා ඇතිවන්නට තිබූ තත්වය සිතා ගැනීමට බැරි තරම් බිහිසුණු වන්නට තිබුණි.
කෙටියෙන් කියන්නේ නම් 9 දා උදැසන රාජපක්ෂවරුන්ගේ දුෂ්ඨ සැළැස්ම ක්රියාත්මක වී නම් එහි අරමුණ වන්නේ රාජපක්ෂ පාලනය දශක ගණනාවකට මෙරට තහවුරු කර ගැනීම ය. ඒ සඳහා කොතරම් ජිවිත විනාශ කළ යුතුද යන්න රාජපක්ෂවරුන්නට උතුරෙහිදී මෙන්ම දකුණෙහි දී ද ප්රශ්ණයක් නොවේ. එම දුෂ්ඨ සැළැස්මේ මාර සේනාව බවට ගෝඨභයගේ රකනා ලංකා සහ අනෙක් මිනීමරු කල්ලි ද නිල් බලකාය යනාදීන් ද පත් වීමට නියමිත විය. 
රාජපක්ෂවරුන්නට සදා කල් බලයේ සිටීමට අවශ්ය පරිදි විපාක්ෂික ක්රියාධරයින් සහමුළින්ම සුද්ධ කිරීමේ දැවැන්ත මෙහෙයුමක් රට බේරා ගැනීමේ දෙවැනි දේශප්රේමී මෙහෙයුම ලෙස දියත් වී  මේ වන තුරුත් ඝාතනයන් සහ අත් අඩංගුවට ගැනීම් සිදු වෙමින් තිබෙන්නට ඉඩ තිබුණි.
හුදු යුද්ධමය මනසක් පමනක් ඇති ගෝඨාභය රාජපක්ෂ වැනි පුද්ගලයකු අතට 9 දා කුමන්ත්රණයෙන් පසු බලය පවරනු ලැබී නම් අහෝ දෙවියනි කී දහසක් මේ වන විට ඝාතනය කරන්නට ඉඩ තිබුණි ද? 
අනුර සේනානායකලා මහින්ද බාලසූරියලා පොලීසිය සිය අණසකට ගෙන දැවැන්ත පරිමාණ අත් අඩංඟුවට ගැනීම් සහ  ඝාතනයන් ට අණ දෙන්නට තිබුණි.  බොදු බල හමුදාව මුස්ලිම් පෙදෙස්හි නැසූ විරූ මර්දනයක හිමිකරු වන්නට ද දෙමළ පෙදෙස්හි දරුණු යුද්ධ මර්දනයක් ද දියත් වන්නට ද ඉඩ  තිබුණි.
මෙම සැළැස්ම හුදෙක් භයංකර සිහිනයක් ලෙස පමණක් අපේ ඉතිහාසයට එක්වීම ජනාධිපතිවරණ ජයග්රහණය හා අසම සම වාසනාවකි. 
එසේ නමුත් එකී බිහිසුණූ කූටෝපායේ සැබෑ තතු හෙළි කිරීම ද එවැනි දුෂ්ඨ සැළැස්මක් පිඹුරුපත් කළ රාජපක්ෂවරුන්ගේ වංචා දූෂණ කිසිදු අතරමැද සාමදානයකින් තොරව ප්රසිද්ධියට පත්කිරීමද අද අතවශ්ය ය. මන්ද යත් වෙස් බැඳ යලි පාළියක් නටන්නට දඟලන නැටීම වැළැක්විය හැක්කේ මහා ජනයාට ඇත්ත පෙන්වා දීම මගින් පමණක් නිසා ය.
සුනන්ද දේශප්රිය විසිනි   (2015-01-23 17:59:42)

3 comments:

  1. யாஅல்லாஹ்! இது போன்ற தீவிரவாதிகளையும் அவர்களுக்கு துணை நிற்கும் அரசியல் வாதிகளையும் அடியோடு அழித்து எமது நாட்டு முஸ்லிம்களை நிம்மதியாக வாழச் செய்வாக. யா அல்லாஹ் இவர்கள் எம்மை எதிர்பதெல்லாம் நாம் பின்பற்றும் இஸ்லாத்துக்காக மட்டுமே. எனவே இஸ்லாத்தைப் பின்பற்றி ஒழுகும் பூரண சுதந்திரத்தை எமக்களிப்பாயாக. எமக்கு மத்தியிலுள்ள வேற்றுமைகளால் எல்லோருக்குமாக சோதனைகளை அளித்துவிடாதே இரக்கமுள்ள ரஹ்மானே.

    ReplyDelete
  2. அறிவுபூர்வமாக ஏற்றுக்கொள்ள முடியாது என்றாலும் மீண்டும் மீண்டும் ஒரேபோல நிகழும் சில சம்பவங்கள் பற்றிய விபரங்கள் ஆச்சரியமளிப்பதுண்டு:

    பாப்பரசர்கள் இலங்கைக்கு விஜயம் செய்த இறுதி 3 தடவைகளிலும் ஆட்சிமாற்றம் நிகழ்ந்துள்ளது.

    அதாவது பிரதமர் டட்லி சேனநாயக்கா அவர்கள் அழைப்பு விடுத்திருந்தும் வரவேற்கக் கிடைத்தது என்னவோ அன்றைய புதிய பிரதமர் சிறிமாவோ பண்டார நாயக்கா அம்மையாருக்கு.

    ஜனாதிபதி டீ.பி. விஜயதுங்க அழைத்திருந்தார் ஆனால் வரவேற்கும் அதிஷ்டம் அன்றைய புதிய ஜனாதிபதி சந்திரிக்கா அம்மையாருக்கு..

    இன்றைய புதிய ஜனாதிபதி மைத்திரிபால சிறிசேன அவர்கள், தாம் பதவியேற்ற 5 வது நாளில், வரவேற்று ஆசிபெற்றவரான தற்போதைய பாப்பரசரை நமது தீவுக்கு வருமாறு வேண்டியவர் முன்னாள் ஜனாதிபதி மகிந்த ராஜபக்ஷ.

    அதுபோலத்தான்...

    நமது நாட்டில் முஸ்லீம் மக்களின் மீது அடக்குமுறைகளை ஏவியவர்கள் அழிந்து போவதும் ஆட்சியிழப்பதும் நடக்கின்றதோ என்ற ஐயம் எழுகின்றது

    ஒருகாலத்தில் வீழ்த்தவே முடியாது என்று அனைவராலும் கருதப்பட்ட தீவிரவாத அமைப்புகளும் அரசாங்கங்களும் வீழ்ந்து வருவதைக் காணக்கூடியதாக உள்ளது.

    இதுபற்றி உங்களுக்கு ஏதாவது தோன்றுகின்றதா நண்பர்களே..?

    ReplyDelete
  3. ஆம் . அல்லாஹ் சகலத்திலும் சக்தி பெற்றவன்!.

    ReplyDelete

Powered by Blogger.