தம்புள்ள பள்ளிவாசல் விவகாரம் - ஜனாதிபதி தலையிடுவார் - அமைச்சர் ஜனக்கபண்டார
ADදඹුල්ල රජමහා විහාර භූමිය පිළිබඳ විහාරවාසී හිමියන්ට,බෞද්ධ දායකයින්ට මෙන්ම මුස්ලිම් ජාතිකයින් කිහිපදෙනකුටත් නීත්‍යනුකූලව අයිතියක් ඇති බව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
විහාරභූමියේ අයිතිය මෙන්ම එහි ඉදිකිරීම් සම්බන්ධයෙන් මතුවී ඇති මතභේදය සාකච්ඡා මාර්ගයෙන් විසඳීමට හැකිව තිබියදී බෞද්ධ ජනයා උසිගන්වා එය දැවැන්ත අර්බුදයක් බවට පත් කළ බව අමාත්‍යවරයා කියා සිටියේ අද(25)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
දඹුල්ල පූජා භූමි සංවර්ධන වැඩපිළිවෙල හය මාසයකින් ක්‍රියාත්මක කර අවසන් කරන බවත්, පූජා භූමි සංවර්ධන වැඩපිළිවෙලත් සමඟ සියලු අනවසර ඉදිකිරීම් ඉවත්කරන බවත් බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම් කැෂියන් හේරත් මහතා පවසා ඇති බව සිහිපත් කළ අමාත්‍යවරයා එය මාස 3 න් ඉටුකළද සාධාරණව සිදුවිය යුතු බව පෙන්වා දුන්නේය.
උද්ගත වූ අර්බුදය පිළිබඳ සත්‍ය තත්ත්වය හෙළිදරව් කළ යුතු බවත්,එසේ නොවුණහොත් විනාශයක් ඇති විය හැකි බවත් තෙන්නකෝන් මහතා අවධාරණය කළේය.
මෙහිදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ රටේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වූවානම් මෙවැනි තත්ත්වයක් උද්ගත නොවනු ඇති බව තමන්ද විශ්වාස කරන බවයි. කෙසේ නමුත් මේවන විට මෙම ගැටලුව ජනාධිපතිවරයා මැදිහත්විය යුතු මට්ටමට අර්බුදයක් බවට පත්ව ඇති බවත්,ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් සාධාරණ විසඳුමක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඔහු සඳහන් කළේය.
දඹුල්ල රජමහා විහාරයේ විහාරවාසී පූජ්‍ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමියන්ට තමන් සමග ඇත්තේ දේශපාලන ගැටලුවක් බවත්,පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සුමංගල හිමියන් විසින්ද අපේක්ෂකයෙකු ඉදිරිපත් කර තිබුණද,එකී අපේක්ෂකයා පරාජයට පත්වී තමන් යෙදූ අපේක්ෂකයා ජයග්‍රහණය කිරීම එකී ගැටලුවේ ආරම්භය බවත් අමාත්‍යවරයා අනාවරණය කළේය.
කෙසේ වෙතත් තමන්ට ස්වාමීන් වහන්සේ සමග පුද්ගලික තරහක් නැති වුවත්,ඉනාමළුවේ හිමියන් තමා කෙරෙහි ජන්මාන්තර වෛරයක් ඇතිකරගෙන සිටින බවත් ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
தம்புள்ளை பள்ளிவாசல் பிரச்சினையில் ஜனாதிபதி தலையிட்டு உரிய தீர்வினைப் பெற்றுக் கொடுப்பார் என தான் நம்புவதாக காணி மற்றும் காணி அபிவிருத்தி அமைச்சர் ஜனக்க பண்டார தென்னகோன் தெரிவித்துள்ளார். கொழும்பில் இன்று (25) இடம்பெற்ற ஊடகவியலாளர் சந்திப்பில் உரையாற்றிய அவர் இவ்வாறு குறிப்பிட்டார். தம்புள்ளை பள்ளிவாசல் பிரச்சினை குறித்து அவர் அங்கு மேலும் கருத்து தெரிவிக்கையில்,
"தம்புள்ளை ரஜமஹா விகாரை பூமி குறித்து தேரர்கள், பெளத்தர்கள், முஸ்லிம்கள் சிலருக்கு சட்ட ரீதியான அதிகாரம் உண்டு. பள்ளிவாசல் குறித்து ஏற்பட்டுள்ள பிரச்சினையை பேச்சுவார்த்தை மூலம் தீர்க்க வேண்டும். எனினும் பௌத்தர்களை தூண்டிவிட்டு அநாவசிய பிரச்சினை ஏற்படுத்தப்பட்டுள்ளது. இதனை விரைவில் தீர்க்காவிட்டால் பாரிய அழிவு ஏற்படும்.
தம்புள்ளை விகாரை அமைப்புப் பணிகள் 6 மாதத்திலும் அநாவசிய கட்டடங்களை அகற்றும் பணிகள் 3 மாதங்களிலும் செய்து முடிக்கப்படும் என பௌத்த மத விவகார அமைச்சின் செயலாளர் ஏற்கனவே அறிவித்துள்ளார்.
இப்படியிருக்கையில் ஏற்பட்ட பிரச்சினை குறித்த உண்மை நிலை வெளிப்படுத்தப்பட வேண்டும். நாட்டின் சட்டம் முறையாக நடைமுறைப்படுத்தப்பட்டிருந்தால் பிரச்சினை ஏற்பட்டிருக்காது என நான் நம்புகிறேன்.
தம்புள்ளை ரஜமஹா விகாராதிபதிக்கும் எனக்கும் இடையில் அரசியல் முரண்பாடு காணப்படுகிறது. கடந்த உள்ளூராட்சி சபைத் தேர்தலில் அவர் நிறுத்திய வேட்பாளர் ஒருவர் தோல்வியுற்று நான் நிறுத்திய வேட்பாளர் வெற்றிபெற்றுவிட்டார். இதுதான் பிரச்சினையின் ஆரம்பம்". இவ்வாறு காணி மற்றும் காணி அபிவிருத்தி அமைச்சர் ஜனக்க பண்டார தென்னகோன் குறிப்பிட்டுள்ளார்.
Post a Comment